ඔව් ඇමරිකන් ඩොලර් බිලියන් දෙකක්. හිස්ටොරිකල් බොක්ස් ඔෆීස් මූමන්ට් එකක්. අද දෙදාස් විසිතුනේ ජනවාරි විසිහතර. ‘ඇවටාර් 2’ කියන්නෙ නෙගෙටිව් කතා ගොඩක් අහගෙන බෑඩ් රිවීව්ස් මැද්දෙ තිරගත වෙච්ච මූවි එකක්. ජේම්ස් කැමරන් රිස්ක් එකක් අරගෙන එළියට දැම්ම තමන්ගෙ එකම මූවි එක කිව්වොත් හරි. කට කහනවට බලි ඇරිය ඔක්කොගෙම උගුරු දඬු වේලිලා යන නිව්ස් එකක් කැමරන් දීලා තියෙනවා.
‘කොවිඩ්වලින් පස්සෙ මෙච්චර ආදයම් වාර්තාවක් තියපු පළවෙනි මූවි එකේ අයිතිකාරයා මම යකෝ’ කියලා කැමරන්ගෙ පපුව කෑගහනවා ඇති. කැමරන් පුදුමාකාර ඩිරෙක්ටර් කෙනෙක්. මිනිහගෙ ඔලුව ඇතුළෙ ට්‍රිප් එකක් යන්න හිතෙන තරමට මිනිහා මාවල් යුනිට් එකක්. ‘ඇවටර් 1’ එන්නෙ මීට අවුරුදු දොළහකට කලින්. ඒ අමුතු පහේ නිල් ජීවින් ටික අපි දැකලා දැනට අවුරුදු දොළහක් ගිහින්. ඒ කැමරන්ගෙ පළවෙනි දරුවා. දෙවනි දරුවා වදන්න කැමරන් අවුරුදු දොළහක් තිස්සෙ ඔට්ටු අල්ලලා. යකෝ මැමල්ස්ලගෙන් දරුවෙක් බඩේ තියාගෙන වැඩිම කාලයක් ඉන්නෙ අලියා. ඒ අවුරුදු එකහාමාරක් වගේ කාලයක්. ඒත් කැමරන්!
ඒ සෙල්ෆ් කොන්ෆිඩන්ට් එක තමා , මේ රිස්ක් එක ගත්තෙ. මේ වගේ වෙලාවක මූවි එක රිලීස් වෙන්නෙ ඒ කොන්ෆිඩන්ට් එක නිසයි. අපි හිතනකොට කැමරන් කරලා ඉවරයි. ඇවටර් 3, 4 පවා මේ වෙද්දි රිලීස් කරන්න ශෙඩියුල් කරලා ඉවරයි. ඇවටර් 1 බලද්දි තිබුණ ලල් එක නොතිබුණත් ඇවටර් 2 කියන්නෙ ඒ ලල් එකම අපිට දෙන එකක් නෙවේ. එහෙම වෙන්නම ඕනෙ කියල එකකුත් නෑනේ. ඒත්…. ඔව් ඒත් මුහුද, මුහුදු පතුල පුදුම තරම් රටාවලින් මවන එකම කෙනා කැමරන්ද ? ඒ තරම් ඒ මුහුදු චාරිකාව කලර්ෆුල්.
‘ඇවටර් 2’ ස්ටාර්ටින් ශොට් එකෙම්ම අපිව මුහුදු හීනෙකට එක්කගෙන යනවා. ඒ මූමන්ට් එක මේක ලියන කොටත් baltimoraට ෆීල් වෙනවා. වතුර, රැල්ල , හිරිකඩ ඇඟේ වදින ගානට දුවලා ගිහින් වතුරට පනින්න හිතෙන ගානට ඒ මුහුදු ගමන ලයිව්. ‘ද වේ ඔෆ් වෝටර්’ ඉතිං එකෙම්ම ‘වේ ඔෆ් වෝටර්’ම තමයි. මොකද්ද මේ වතුරෙ බලේ? ඇත්තටම ඒ සොබාදහමේ බලේ.
ස්ටෝරි එක පුරාම දෙගොල්ලො තුන්ගොල්ලො යුද්ධ කරන්නෙ මුහුදෙ. අදාළ තැනට අදාළ කෙනා ළගට අරයව මෙයාව අරගෙන යන්නෙ මුහුදු රැල්ලයි. මුහුදු සත්තුයි. මේක, වතුර එක්ක වගේම වතුර නිසා ( සොබාදහම ) කරන සටනක්. මෙතනදි ස්කයි පීපල් ඒ කියන්නෙ අහස් මිනිස්සු. ( උන් පොළවෙ පය ගහපු අය නෙවේ. අහසෙ ඉන්න උන්. අපේ බාසාවෙන් පොළවට අඩි කීපයක් උඩින් යන උන්ට කැමරන්ලා කියන්නෙ අහස් මිනිස්සු කියල වෙන්නැති.)
අහස් මිනිස්සුන්ගෙන් පොළව බේරගන්න සොබාදහම වලි කනවා. එතනදි සොබාදහමට බැරි වෙනවා ගස් ගල්වලින් විතරක් සටන් කරන්න. උන්ටත් වෙනවා අවියක් අතට ගන්න. හැබැයි යුද්ධ ඉවරෙලා උන් ඒ අවිය බිම තියෙනවද? ඒ අවියෙන්ම යැපෙනවද? තමන්ගෙ අතේ පයේ සටන්කාමී හයිය විතරක් ප්‍රගුණ කරනවද? කියන එක තාමත් ඔලුවෙ කැරකෙනවා.
කැමරන්ට හිතන්න විතරයි ඕනෙ , තාක්ෂණේ එයා ළග ඉන්නවා. අපිට කොච්චර දේවල් හිතුණත් තාක්ෂණේ තාම අපි ළඟට එන්න හිතනවා. ඒක හිතුනම දුකත් හිතෙනවා. එනි වේ ඒ බ්ලූ ෆිල්ම් එක කට්ටිය බලන්නම ඕන එකක් කියලා baltimora කියනවා.
BALTIMORA