×

නෙස්ලේ වෙතින් ජපානයට ‘රූබි කිට්කැට්‘

කිසිදු වර්ණයක් අඩංගු නැති, ලෝකයේ ප්‍රථම රෝස-රතු චොක්ලට් වර්ගය මෙයයි.


 අප මෙතෙක් රස විඳ තිබූ කළු පාට, දුඹුරු පාට, සුදු පාට චොකලට් අතරට ආ නවතම රතු – රෝස පාට චොකලට් එක ගැන රස කථාවක් ජපානයෙන් ඇසෙන්නට පටන් අරන්. ඒ තමයි, ජපානයේ නෙස්ලේ සමාගම විසින් හඳුන්වා දුන් රෝස පැහැයෙන් යුතු කිට් කැට් චොකලට් වෙළඳපොළට පැමිණීම. සැබැවින්ම මේ රෝස පැහැයෙන් යුත් චොකලට් වර්ගය මොන විදිහෙ රසකික් යුක්තද? මෙය කියවන ඔබ මුලින්ම සිතන්නට ඇත්තේ එයයි. කොහොම වුණත් අද වන විට ජපානයේ වෙළඳපළේ ඉතා සීඝ්‍රෙයන් අලෙවි වෙන්නට පටන් ගෙන තිබෙන මේ රෝසම රෝස කිට් කැට් වලට දාල තියෙන අලුත්ම නම රූබි කිට් කැට්. ඒ සමග ජපාන නෙස්ලේ සමාගම රෝස චොකලට්, එහෙමත් නැතිනම් රූබි චොක්ලට් ලෝකයට හඳුන්වා දීමේ මුල්ම ආයතය බවට පත්වුණා.

පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී තමයි ස්වභාවික රෝස වර්ණයෙන් යුක්ත රුබී චොකලට් ස්වීස් කොකෝවා නිෂ්පාදන ආයතනයක් වන බැරී කොල්බෝට් ආයතනය මෙම චොකලට් වර්ගය නිෂ්පාදනය කළේ. 1930 වසරේ සුදු පැහැ වයිට් චොකලට් හඳුන්වා දීමෙන් පසු මේ වන තෙක්ම වෙනත් වර්ණයක චොකලට් නිෂ්පාදනය වෙලා නැහ. නෙස්ලේ සමාගම මෙම නිෂ්පාදනය කළ බැරී කොල්බෝට් සමාගම සමග එක්වී වාණිජමය වශයෙන් රුබී නමින් මෙම චොකලට් වර්ගය වෙළඳපළට රැගෙන ඇවිත් තිබෙනවා.

මේ රූබි චොකලට් එක වඩාත්ම වැදගත් වෙන්නේ එයට කිසිම කෘතිම වර්ණකයක් ඇතුළත් කර නැති නිසයි.

මුලින්ම මෙම නිෂ්පාදනය හඳුන්වා දෙනු ලැබුයේ ජපානයේ සහ කොරියාවේ සීමිත වෙළඳපළ සංඛ්‍යාවකට. පාරිභෝගිකයන්ගේ කැමැත්ත අත්හදා බැලීම සඳහා මෙම පළමු හඳුන්වාදීම සිදු කර තිබෙනවා. මේ රූබි චොකලට් එක වඩාත්ම වැදගත් වෙන්නේ එයට කිසිම කෘතිම වර්ණකයක් ඇතුළත් කර නැති නිසයි. කෘතිම රසකාරක වර්ණක නැති ආහාර වලටනේ අපි වඩාත් කැමති..රස ගත්තම ස්ට්‍රෝබරි රසය සමඟ මිශ්‍ර වූ පළතුරු රසයක් තමයි මෙහි රසය වන්නේ … ඉතින් තව වැඩි කල් යන එකක් නෑ ලංකාවේ අපිටත් මේ රෝසම රෝස පාට රුබී කිට් කැට් රස බලන දවස ඉක්මනින්ම ඒවි…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි