×

2017 වසරේ ආදායම ඩොලර් මිලියන 102 ක්.


ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ගේ වර්ෂාවසාන බෝනස් මුදල කලින් වසරටත් වඩා 74%ක් වැඩි කර තිබේ. එයට හේතුව වී තිබෙන්නේ අයිෆෝන් සාර්ථකත්වය ඔස්සේ ඔහු විසින් සමාගමේ ශුද්ධ ලාභය වැඩි කර දීමට දැක්වූ දායකත්වයයි. සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා කුක්ට වැටුපට අමතරව සමාගම විසින් ගෙවා තිබෙන ලාභාංශය ඇමරිකානු ඩොලර් මිලියන 9.33 කි.

එම වර්ෂය සඳහා ඔහුගේ ‘ගෙදර ගෙනයන වැටුප’ ඩොලර් මිලියන 3.06 ක් වී ඇති අතර, සමාගමේ සම කොටස් වෙනුවෙන් ද තවත් ඩොලර් මිලියන 89.2 ක් ඔහුට ගෙවා තිබේ. මේ අනුව ටිම් කුක් ගේ ගෙවී යන වර්ෂයේ ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 102 කි. මීට පෙර වාර්තා වී තිබුණේ ඇපල් සමාගම් ප්‍රධානියාගේ පුද්ගලික ආරක්ෂාව සහ සුවිශේෂී බව සලකා ඔහුට පුද්ගලික ගුවන් යානා පහසුකම් සැපයීමට ද ඇපල් සමාගම පියවර ගෙන

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් දැන් ගමන් බිමන් යන්නේ පුද්ගලික ගුවන් යානාවලින් පමණි.

කෙසේ නමුත් පසුගිය දිනවල අයිෆෝන් හි මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා බැටරියේ ජීව ගුණයට හානි සිදුවී ජංගම දුරකථනය මන්දගාමී වීමේ ගැටලුව හේතුවෙන් ඇපල් සමාගම තීරණය කර තිබෙන්නේ අයිෆෝන් බැටරියේ මිල 2018 ජනවාරි අගභාගයේ පටන් ඩොලර් 50 කින් අඩුකර ඩොලර් 29කට සිය පාරිභෝගිකයන් හට ලබාදෙන්නට ය. සිදුවූ දෙය සම්බන්ධයෙන් සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සමාගමේ කීර්ති නාමයට සිදුවූ හානියක් වශයෙන් ද සැලකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි