×

වසර 80කට පසු රුසියාවට නැවත ජර්මන් ටැංකි වලට මුහුණ දීමට සිදුව ඇත. – පුටින්

රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක සංග්‍රාමයේ ස්ටාලින්ග්‍රෑඩ් සටනේ සංවත්සරය සැමරීම සඳහා ඊයේ(02) වොල්ගොග්‍රෑඩ් වෙත පැමිණි අවස්ථාවේදීය.


ජර්මනිය විසින් යුක්රේනයට Leopard 2 ටැංකි 14ක් ලබාදීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශ කර තිබුණේ, වසර 80කට පසු නාසි ජර්මනියේ යුධ ටැංකි වලට එරෙහිව රුසියාවට නැවත සටන් කිරීමට සිදුව ඇති බවයි.

රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ දෙවන ලෝක සංග්‍රාමයේ ස්ටාලින්ග්‍රෑඩ් සටනේ සංවත්සරය සැමරීම සඳහා ඊයේ(02) වොල්ගොග්‍රෑඩ් වෙත පැමිණි අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ රුසියානු ජනාධිපතිවරයා සෝවියට් මාර්ෂල්වරයාගේ සොහොනට ද මල් තැබූ අතර, ප්‍රධාන ස්මාරක සංකීර්ණය වෙත ගොස් සටනේදී මියගිය අය වෙනුවෙන් මොහොතක් නිශ්ශබ්දව සිටියේය. ස්ටාලින්ග්‍රෑඩ් සටනේදී මිලියනයකට අධික ජනතාවක් මිය ගිය අතර සෝවියට් හමුදාව විසින් 91,000 කට අධික ජර්මානු හමුදාවක් අල්ලා ගන්නා ලදි.

රුසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී කරන ලද දේශනය පුරාම ප්‍රටින් විසින් රුසියානු ආක්‍රමණය ජාතිකවාදීන්ට සහ නාසීන්ට එරෙහි සටනක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ ගනු ලැබූ අතර, නවීන වේශයකින් පැමිණෙන නාසිවාදී දෘෂ්ටියට අවාසනාවකට මෙන් නැවත වරක් මුහුණ දීමට සිදුව ඇති බවත්, නැවත නැවතත් අපි සාමූහික බටහිර ආක්‍රමණය පලවා හැරිය යුතු බවත්, රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි