×

ආහාර නිසා ලෝකයේ වාර්ෂිකව මිලයන 11ක් මරණ මංචකයට

අධික ලුණු ආහාරයට ගැනීම විශාලතම බලපෑමයි


ජීවත් වීමේ අපේක්ෂාවෙන් අප කෑමට ගන්නා ආහාර විසින්ම අපව මරණය කර ළගා කරවන බව දැන දැන ආහාර ගැනීමට අද අපට සිදුව ඇත.

ලෝකයේ වාර්ෂිකව අකාලයේ මිය යන්නන්ගෙන් මිලියන 11ක් මිය යන්නේ ආහාර නිසා බව ඔබ මීට පෙර දැන සිටියාද? දුම්පානය නිසා මිය යන්නන් ප්‍රමාණය ඊට අඩු වේයි. ඒ අනුව ලෝකයේ මිය යන පස් දෙනෙකු අතරේ එක් අයෙකු මෙසේ ආහාර නිසා මිය යන්නේය.

ඒ අතරින්ද ලුණු, සෝයා සොස් සහ සකස් කළ ආහාර වැඩිම වශයෙන් මිනිස් ජීවිත අදුරා ගැනීම සදහා හේතු වන ආහාර වෙයි.

පසුගියදා මේ පිළිබදව සිදු කළ පර්යේෂණයක් මගින් අනාවරණය වී ඇති පරිදි ආහාර වල ගුණාත්මක භාවයේ ඇති ගැටළු හේතුවෙන් මෙසේ වැඩි පිරිසක් මිය යෑමට ලක් වන්නේය.

මෙම අධ්‍යයනයේදී පර්යේෂණයට පලක් කෙරුණේ ගෝලීය වශයෙන් මිනිසා මිය යන්නට බලපාන හේතූන්ය. ඒ අනුව සිදු කළ නවතම සමීක්ෂණය හෙළිදරවු කර ඇත්තේ ඉතාම භයානක ආහාර යටතට

ආහාරයේ අධික ලුණු අඩංගු වීම – මිලයන 3ක් මිය යෑම සදහා හේතු වේ.
ආහාරයේ අඩු වශයෙන් ධාන්‍ය අඅඩංගු වීම- මිලියන 3ක් මිය යෑමට හේතු වෙයි.
ආහාරයේ පළතුරු අඩුවීම – මිලයන 3ක් මිය යාමට හේතු වෙයි.
එමෙන්ම අඩු වශයෙන් මුහුදු ආහාර ගැනීම, ඇටවර්ග සහ රඑළවළු ආහාරයට ගැනීමද මීට හේතුය.
විශේෂයෙන්ම අධික ලුණු මිනිසාගේ රුධිර නාල වලට කරන සෘජු බලපෑම ශරීරයේ සියළු අවයව වලට මෙන්ම හෘද රෝග වලටද මූලික හේතුවක් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි