×

ඇමසන් වනය තවම දැල්වෙයි – ගතවූ සතිය කාච ඇසින්

ගෙවී ගිය අගෝස්තු 24-30 සතිය තුළ ලෝකය පුරා සිදුවූ උණුසුම් සිදුවීම් ප්‍රවෘත්ති ඡායාරූප ලෙස ඔබ වෙත ගෙන එන විශේෂාංගය


ඇමසන් වැසි වනයේ ජීවත් වන ආදිවාසීහු මේ මොහොතේදී ද සිය නිකේතන රැක ගැනීම සඳහා මහා සටනක නියැළී සිටිති. මේ ඡායාරූපයෙන් (CARL DE SOUZA / GETTYImage) දැක්වෙන්නේ බ්‍රසීලයේ රොන්ඩොනියා ප්‍රාන්තය අසල ඇමසන් වනයේ මහා වනස්පතියක් පුළිඟු විදින ගිනිබටයක් බවට පත්ව ඇති ආකාරයයි.

මේ වසරේ පමණක් මේ දක්වා ඇමසන් වනයේ ලැව් ගිනි 80,000 ක් හටගෙන ඇති බව පැවසෙන අතර, එය ගතවූ 2018 වසරේ සිදුවූ ලැව්ගිනි ඇතිවීම්වලට වඩා 77% ගුණයක වැඩි වීමකි.

මේ වන විට දැඩි අන්තර්ජාතික පීඩනයකට මුහුණ පා සිටින බ්‍රසීල ජනපති බොල්සොනාරෝ විසින් දින 60 ක කාලයක් සඳහා බ්‍රසීලය තුළ භූමිය/ වනාන්තර ගිනි තැබීම තහනම් කර තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට එරෙහිව ජනතා විරෝධය

Demonstrators hold a protest march
DANIEL SORABJI / GETTY

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළකරමින් ජනතාව මෙසේ වීදි බැස්සහ. මෙම අත්හිටුවීමට එරෙහිව ජනතා අත්සන් එකතු කිරීමට ගත් උත්සාහයේදී අත්සන් මිලියන 1.6 ක් එකතු වී තිබිණි.

කොන්ඩෝර්- ලොව විශාලතම ගොදුරු පක්ෂියා සමග

A man holds a young condor bird
HENNING BAGGER / GETTY

ලොව විශාලතම ගොදුරු පක්ෂියා කොන්ඩෝර් ය. පක්ෂීන් පුහුණු කරන්නෙකු වන පීටර් වෙන්සෙල් ‘මොලීනා‘ නමැති තරුණ කිරිල්ලියක සමග මෙසේ කාච ඇසිට හසු වී තිබුණේ ඩෙන්මාර්කයේ බින්ඩ්ස්ලෙව් රාජාලි රක්ෂිතයේදී ය.

සම්පූර්ණයෙන් වැඩුණු පසු කොන්ඩෝර් මොලීනාගේ පියාපත් වපසරිය මීටර 3.5 ක් වනු ඇත.

අත්ලාන්තික් සයුර හරහා ග්‍රේටා – පරිසර හිතකාමී යොට් යාත්‍රාවකින් ලෝක පරිසර සමුළුවට!

Greta Thunberg arrives in the US on a yacht, passing the Statue of Liberty
JOHANNES EISELE / GETTY

දේශගුණික විපර්යාසවලට එරෙහිව දැඩි හඬක් නංවන යොවුන් දැරිය ග්‍රේටා තුන්බර්ග්
Greta Thunberg දින 15 ක් අත්ලන්තික් සයුර යොට් යාත්‍රාවක නැගී තරණය කිරීමෙන් පසුව මේ සතියේ ඇමරිකා එක්සත් ජනපදය වෙත සම්ප්‍රාප්ත වූවාය. මේ යොට් යාත්‍රාව සම්පූර්ණයෙන්ම සුළං බලයෙන් ක්‍රියාකරන්නක් වූයේ, පරිසර හිතකාමී සහ ඉන්ධන දහනයෙන් තොර ගමනාගමනය ගැන ලොවට ආදර්ශයක් ලබා දෙමිනි. මේ ගමනේදී ඇය මුහුදු සැතපුම් 3000 ක් පසු කළාය. නිව් යෝක් නගරයේ සහ ඉන්පසු චිලී රාජ්‍ය යේ සැන්තියාගෝ නුවර පැවැත්වෙන පරිසර සමුළුවලට ඇය සහභාගි වන්නේ මේ අන්දමිනි.

ගිනි ගහන මද්දහනේ නොටිංහිල් සැණකෙළිය

Revellers take part in the Notting Hill Carnival
DAVID CLIFF / GETTY

පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක්ව පැවතියදී පසුගිය සතියේ එක්සත් රාජධානියේ නොටිංහිල් සැණකෙළිය පැවැත්විණි. එදින සටහන් වූයේ ඉතිහාසයේ උණුසුම්ම සඳුදා නිවාඩු දිනයයි.

ආර්ජන්ටිනාවේ පාපන්දු රසිකයෝ

A crowd of cheering football supporters
JUAN MABROMATA / GETTY

ආර්ජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් හිදී ඉක්වදෝර පාපන්දු පිලකට එරෙහිව ආර්ජන්ටිනා කණිෂ්ට පාපන්දු පිල ක්‍රීඩා කරමින් සිටියදී ආර්ජන්ටිනානුවන් සිය රට වෙනුවෙන් එක්ව සිටියේ මේ අන්දමිනි.

තැබෑරුමේ ශෝකය

People attend a funeral
PEDRO PARDO / GETTY

මෙයට දින 2කට පෙර මෙක්සිකෝවේ කොටසාකෝල්කොස් හි තැබෑරුමක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 25 දෙනෙක් මරණයට පත් වූහ. මේ, එහිදී මිය ගිය අයෙකුගේ අවමංගල්‍ය කටයුතු සිදුකළ ආකාරයයි.

චීනයේ වාන් දොරටු

Water from a dam rushes past people
SHUTTERSTOCK

අධික වර්ෂාපතනය හේතුවෙන් චීනයේ හෙනාන් පළාතේ සැන්මෙන්ක්සියා ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදු විය. මෙම සැන්මෙක්සියා බැම්ම ඉදි කර තිබෙන්නේ කහ ගඟ හරස් කරමිනි.

ජනපති උඩු කය ප්‍රතිමා කෞතුකාගාරයකට

A man stands behind a giant bust of US President Woodrow Wilson
BRENDAN SMIALOWSKI / GETTY

ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවූ ජනපතිවරුන් 43 දෙනෙකුගේ උඩුකය ප්‍රතිමා දැන් කාලයක් මුළුල්ලේ ගිමන් හරිමින් සිටියේ වර්ජිනියා ප්‍රාන්තයේ මුඩු බිමක ය. එය, හොවාඩ් හැන්කින්ස්ගේ පුද්ගලික දේපළක් වූ අතර, ඒවා නිසි නඩත්තුවකින් තොරව පැවතීම හේතුවෙන් විනාශ කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් ව තිබිණි. කෙසේ නමුත් මේ සතියේදී ඒවා කොලෝනියල් විලියම්ස්බර්ග් කෞතුකාගාරය වෙත ගෙන යනු ලැබිණි. මේ ඡායාරූපයේ ජනපති උඩුකය ප්‍රතිමාවලට පිටුපසින් සිටින්නේ හොවාඩ් හැන්කින්ස් ය.

වැඩි විස්තර සඳහා කියවන්න – ඔක්කොම ජනපතිලා මඩේ ලගින තැන (ඡායාරූප)

කිසි ගාණක් නැති බළලෙක්

A cat stands in front of runners during a race
FADEL SENNA / GETTY

මොරොක්කෝවේ රබාත් අගනුවර ගෙවී ගිය සතියේදී පැවැත්වූ අප්‍රිකානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 5000 අවසන් වටයේ ධාවන තරගයේදී කොහේදෝ යමින් සිටි බිළාලයෙක් කිසි වගක් නැතිව ධාවන පථයේ මග හරස්කරගෙන සිටියේ මෙසේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි