×

අද ඔක්තෝබර් 11 – දවසේ වැදගත්කම

අද දවසේ වැදගත්කම සහ ඉතිහාසයේ අද වැනි දවසක සිදුවූ විශේෂ සිදුවීම් කෙටියෙන්


අද ඔක්තෝබර් 11

  • ගැහැණු දරුවා සඳහා වන අන්තර්ජාතික දිනය (International Day of the Girl Child) යි.

  • සම්මානලාභී, ජනප්‍රිය ඉන්දීය නළු අමිතාබ් බච්චන් ගේ 78 වැනි උපන් දිනයයි.

1138 – සිරියාවේ ඇලෙප්පෝ හි භූ කම්පනයකින් 230,000 පමණ පිරිසක් මිය යති.

1852 – ඔස්ට්‍රේලියාවේ පැරැණිතම විශ්වවිද්‍යාලය වන සිඩ්නි විශ්වවිද්‍යාලය ස්ථාපනය කරයි.

1865 – සිය ගණනක් කළු ජාතික පුද්ගලයෝ පෙළපාලි යමින් ජැමෙයිකාවේ මොරාන්ට් බේ විප්ලවයට මූලිකත්වය දෙති. මේ ජැමෙයිකානුවේ අසාධාරණයට සහ දරිද්‍රතාවට එරෙහිව මෙහෙයවුණු විප්ලවයකි.

1939 – ජර්මානු ජාතික ඇල්බර්ට් අයින්ස්ටයින් න්‍යෂ්ටික බෝම්බයක් වැඩි දියුණු කරනු ඇතැයි ජර්මනිය විසින් ඇමරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් හට අනතුරු අඟවයි. මේ වනවිට නාසීන්ගේ යුදෙව් සංහාරය හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවට පළා ගොස් සිටියේය.

1945 – චීයාං කායි ෂේක් ගේ පාලනයෙන් යුතු කුඕමින්ටන් රජය සහ මාඕ සේතුං ගේ කමියුනිස්ට් පක්ෂය අතර ‘චීන සිවිල් යුද්ධය‘ ඇරැඹෙයි.

චීන සිවිල් යුද්ධය

1954 – 1954 -ජිනීවා සමුළුවේ දි ඇති කර ගත් එකගතාව ප්‍රකාර ව ප්‍රංශ හමුදා උතුරු වියට්නාමයෙන් හමුදාව ඉවත් කර ගැනීම සම්පූර්ණ කරයි.

1987 – ඉන්දීය “පවන් මෙහෙයුම” ශ්‍රී ලංකාවේ අරඹයි. ඉන්දියානු සාම සාධක හමුදාව ලංකාවේ උතුරුකරයට ඉන්දු ලංකා සාම ගිවිසුම ප්‍රකාරව පැමිණියේ යාපනය හා ඒ තදාසන්න ප්‍රදේශවලින් LTTE බලය ඉවත් කර දැමීමේ මෙහෙයුම සඳහා ය.

2000 – දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය හිටපු කණ්ඩායම් නායක හැන්සි ක්‍රොන්යේ හට තරග පාවා දීමේ චෝදනා මත ජිවිත කාලයක ම බල පවත්නා තහනමක් ක්‍රියාත්මක කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි