සුප්‍රකට ගායිකා කේටි පෙරී ගේ උපන් දිනය අද යි. ඇමරිකානු ජාතික ගීත රචිකාවක සහ සුපිරි ගායිකාවක වන කේටි පෙරී, ගිනස් වාර්තා 4 ක් ද සමග ලෝකයේ ඉහළම ආදායමක් ලබන පොප් ගායිකාවක් ලෙස කැපී පෙනේ.
1616 – ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගමට අයත් The Eendracht නෞකාව විසින් ඕස්ට්‍රේලියානු දූපතක් වන ඩර්ක් හාර්ටොග් දූපත සොයා ගනියි. මෙය සොයා ගන්නා ලදුයේ ඩර්ක් හාර්ටොග් නමැත්තා විසිනි.
1854 – කුප්‍රකට Charge of the light brigade සිදුවීම සිදුවූයේ අද වැනි දවසක ය. ක්රිමියානු යුද්ධයේ බැලක්ලාවා සටනේදී, සිය දෙනකුට අධික පිරිසක් මිය ගියහ. මේ සිදුවීම පසු කාලින ව Charge of the light brigade ලෙස ටෙනිසන් සාමිවරයා විසින් කවියට නැගුවේ ය. සිය ප්‍රධානියාගේ නියෝග අන්ධානුකරණය කරන සොල්දාදුවන්ට යුධ පෙරමුණේදී අත්වන ඉරණම එයින් දැක්වේ.
1932 – ඉතාලියානු ඒකාධිපති බෙනිටෝ මුසෝලිනි එම ධූරයේ වසර 30ක් සිටින බවට සපථ කරයි. මෙය යුරෝපයේ නාසිවාදයේ (ෆැසිස්ට්වාදයේ) තවත් සන්ධිස්ථානයකි.
1940 – බෙන්ජමින් ඕ. ඩේවිස් ජ්‍යේෂ්ඨ එක්සත් ජනපද හමුදාවේ ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු ජෙනරාල්වරයා බවට පත් වෙයි.
1945 – තායිවානයේ ජපාන පාලනය අවසන් ව, ජපන් ජාතිකයන් විසින් එහි පාලනය චීනය වෙත පවරා දෙනු ලබයි.
1971 – තායිවානය ඉවත් කර මහජන චීනය එක්සත් ජාතීන් ගේ සංවිධානයට ඇතුළත් කරගන්නට ඡන්දයක් පැවැත්වෙයි.
1992 – සෝවියට් දේශයෙන් නිවහල් වූවාට පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලිතුවේනියාව ජනමත විචාරණයක් පවත්වයි.
1995 – සුප්‍රසිද්ධ ගායක ක්ලිෆ් රිචර්ඩ්ස් දෙවැනි එලිසබෙත් රැජිණ වෙතින් නයිට් පදවියක් ලබා ගනියි. ඔහු එලෙස නයිට් පදවියක් ලබා ගත් පළමු රොක් තරුව යි. ඔහු ඩයනා කුමරියගේ සමීප මිතුරෙකි.
2001 – මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් XP මුල් වරට භාවිතයට ගැනීමට හැකි වේ.