×

නොවැම්බර් 29 – දවසේ වැදගත්කම

අද වැනි දවසක ලෝක සිතියම


1394 – සියොල් අගනුවර බිහි වෙයි

කොරියානු ජොසෙයන් රාජවංශයේ රජෙකු වන යි සියොන්ග්-ග්‍යේ එරට අගනුවර කසොන්ග් සිට හැන්‍යැන්ග් වෙත වෙනස් කරයි. මෙය වර්තමාන සියොල් හෙවත් සෝල් අගනුවරේ උපත සනිටුහන් කළේය.

1830 – රුසියානු අධිරාජ්‍යයට පෝලන්තය යටත් වූ ‘කැඩෙට් විප්ලවය‘

නොවැම්බර් නැගීසිටීම – පෝලන්තයේ රුසියානු පාලනයට එරෙහිව සන්නද්ධ නැගීසිටීමක් ඇති වෙයි. පෝලන්ත රුසියානු යුද්ධය හෙවත් ‘කැඩෙට් විප්ලවය‘ යනුවෙන් ද මෙය හඳුන්වයි. රුසියානු අධිරාජ්‍යයට එරෙහිව පෝලන්තය මෙහිදී යුධ ප්‍රකාශ කළේය. පෝලන්තයේ වෝසෝ නුවර කේන්ද්‍රකරගත් මෙම නැගී සිටීමට ඉක්මනින්ම ලිතුවේනියාව, බෙලුරුස් සහ දකුණු ඉවුරු යුක්රේනයේ සිටි පිරිස් ද එක් වූහ. කෙසේ වෙතත් ඉවාන් පැස්කෙවිච් ගේ නායකත්වයෙන් යුක්ත බලවත් රුසියානු අධිරාජ්‍ය හමුදාව විසින් මෙම විප්ලවය දරුණු මර්දනයකට හසු කෙරිණි. අවසානයේදී පෝලන්තය රුසියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. වෝර්සෝ නුවර හමුදා ගැරිසමක් බවට පමණක් පත් විය.

මෙම යුද්ධයෙන් 23,000 ක් දෙනා මරණයට පත් වීම හෝ තුවාළ ලැබීම සිදුවූ බවත්, යුධ බිමේදී රෝග තත්වයන්ට ගොදුරු වීම නිසා තවත් 12,000 ක් පමණ දෙනා පසුව මරණයට පත් වූ බවත් කියැවේ.

1899 – ලෝකයේ ධනවත්ම පාපන්දු කණ්ඩායමේ උපත

කැටලෝනියානු, ස්පාඤ්ඤ සහ ඉංග්‍රිසි ජාතිකයන් විසින් FC Barcelona කණ්ඩායම පිහිටවනු ලබයි. මෙය පසුකාලීනව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රිඩාවේ ශක්තිමත් ම සහ කීර්තිමත් ම පාපන්දු කණ්ඩායමක් බවට පත් වෙයි. මෙහි නිර්මාතෘවරයා ලෙස සලකන්නේ ජෝන් ගැම්බර් ය.

කෙසේ නමුත් බාසිලෝනා පාපන්දු කණ්ඩායම හුදෙක් පාපන්දු සමාජයක් පමණක් නොවේ. මෙයට සහයෝගය දක්වන්නන් හට මෙහි හිමිකාරිත්වය බෙදා දී තිබේ. තවද, මෙය, කැටලෝනියාවේ සහ කැටලෝනියානු සංස්කෘතියේ පිළිබිඹුවක් ලෙස සලකයි.

ලෝකයේ සිව්වැනියට ධනවත්ම ක්‍රීඩා කණ්ඩායම ලෙස සලකන්නේ මෙයයි. වර්තමානයේ ඔවුන්ගේ වත්කම ඇ.ඩො. බිලියන 4.06 කි. තවද ආදායම අතින් ලෝකයේ ධනවත්ම පාපන්දු සමාජය වන්නේ ද මෙයයි. මෙයින් බිහිවූ පාපන්දු තරු අතර ලයනල් මෙසී ප්‍රධාන ය.

1877 – නව නිපයුම් ශිල්පී තෝමස් අල්වා එඩිසන් ෆොනෝග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාත්මක කර පෙන්වයි.

1929 – එක්සත් ජනපද අද්මිරාල් රිචර්ඩ් ඒ. බයිර්ඩ් දකුණු අර්ධගෝලය ඔස්සේ ගුවන්යානයකින් ගිය ප්‍රථම පුද්ගලයා බවට පත් වෙයි.

1947 – අද වැනි දිනක එක්සත් ජාතින් ගේ මහා සමුලුව පලස්තීනය අරාබිකරයේ පල්ස්තීනය සහ යුදෙව් පලස්තීනය වශයෙන් දෙකඩ කරන්නට යෝජනාවක් ගෙන ආවේ ය. යෝජනාවට අනුව එලෙස දෙකඩ වුව ද එය ආර්ථික සන්ධානයක් ලෙස කටයුතු කිරීමට නියමිත විය. කෙසේ නමුත්, මෙම යෝජනාව ක්‍රියාවට නැංවූයේ නැත.

1963 – කෙනඩි ඝාතනය පිළිබඳ වොරන් කොමිසම පිහිටුවයි

ජෝන් එෆ්. කෙනඩි ගේ ඝාතනය පිළිබද සොයා බලන්නට එක්සත් ජනපද ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් විසින් ‘වොරන් කොමිසම‘ පිහිටුවනු ලබයි. මේ කොමිසම හරහා පිටු 888ක අවසාන වාර්තාවක් නිකුත් කළ අතර එය කෙනඩි ජනාධිපතිවරයා ලී හාවි ඔස්වර්ල්ඩ් නමැත්තා විසින් ඝාතනය කරනු ලැබූ බවට අනාවරණය කළේ ය. කෙසේ නමුත් ලී හාවි ඔස්වර්ල්ඩ් නඩු විභාගයට ඉදිරිපත් කිරීමට පෙර කිසිවෙකු විසින් අබිරහස් ලෙස ඝාතනය කර දැමිණි.

1972 – පොං

ලොව ප්‍රථම වාණිජ්‍ය වශයෙන් සාර්ථක වීඩියෝ ක්‍රීඩාව වූ පොං (Pong) නිකුත් වෙයි. මෙය සරල ද්වීමාන ග්‍රැෆික්ස් සහිත ටේබල් ටෙනිස් ක්‍රීඩාවක් විය. අටාරි සමාගමේ නිර්මාණයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි