යුක්රේනය විසින් එල්ලකරන ලදැයි විශ්වාස කරන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ක්රිමියානු වරාය නගරයක් වන සෙවාස්ටොපෝල් හි ඉන්ධන ගබඩා සංකීර්ණයක විශාල ගින්නක් ඇතිව ඇති බව වාර්තා වේ.
ඊයේ(28) අලුයම යුක්රේනයේ උමාන් නගරයේ සිදුවූ ප්‍රහාරයෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගිය පසු සෙවාස්ටොපෝල් වෙත ප්‍රහාරය එල්ල වූ අතර වර්ග මීටර් 1,000 (වර්ග අඩි 11,000) ක භූමි ප්‍රදේශයක ගින්න පැතිරී ඇති අතර ක්‍රිමියාවේ ගිනි නිවන භටයින්ගේ සහ සියලුම මෙහෙයුම් හා සේවාවන් මේ වන විටත් ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ගින්න තවමත් ඇවිලෙමින් පවතින නමුත්, සෙවාස්ටොපෝල් හි ඉන්ධන සැපයීමට බාධාවක් නොවන බව ආණ්ඩුකාර Mikhail Razvozhayev විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර ඇත.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ දා සිට සෙවාස්ටොපෝල් වෙත ගුවන් නිරන්තරව ප්‍රහාර එල්ල වූ අතර මෙය රුසියාවේ කළු මුහුදේ බලඇණියේ ප්‍රධාන නාවික කඳවුර වන සෙවාස්ටොපෝල් වෙත එල්ල කළ ප්‍රහාර මාලාවක නවතම ප්‍රහාරයයි.
සශිකලා මධුෂාණී_