My Heart Will Go On, You Loved Me, All By Meself සහ It’s Coming Back To Me Now. යන ගීත වලින් වඩාත් ජනාදරයට පාත්‍ර වූ 55 හැවිරිදි සුප්‍රසිද්ධ සෙලීන් ඩියොන් දුර්ලභ ස්නායු ආබාධයකින් (SPS) පෙළෙන බවට වෛද්‍යවරුන් අනාවරණය කර ගැනීමත් සමඟ ඇයගේ 2023 හා 2024 පැවැත්වීමට නියමිතව තිබූ සියලුම සංදර්ශනයන් අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් සෙලීන් ඩියොන් ටුවිටර්හි සඳහන් කර තිබුණේ, නැවත වරක් රසිකයන් කලකිරීමට පත් කිරීම පිළිබඳව තමා කණගාටු වන බවත්, එය මගේ හදවත බිඳී ගියත්, මම නැවත වේදිකාවට පැමිණීමට සූදානම් වන තුරු අපි සියල්ල අවලංගු කිරීම වඩාත් සුදුසු බවත්ය.
ඊයේ(26)දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලන්ඩන්, ඩබ්ලින්, පැරිස්, බර්ලින්, ඇම්ස්ටර්ඩෑම්, ස්ටොක්හෝම් සහ සූරිච් හි දිනයන් ඇතුළුව ප්‍රමාද වූ යුරෝපීය ප්‍රසංග සම්පූර්ණයෙන්ම අවලංගු කර දැමිණ.
ස්නායු ආබාධ පිළිබඳ ජාතික ආයතනයට අනුව, SPS යනු දුර්ලභ තත්වයක් ලෙස හඳුනා ගැනේ. SPS ඇති පුද්ගලයින්ට ඇවිදීමට හෝ චලනය කිරීමට නොහැකි තරම් ආබාධිත විය හැකි අතර SPS සඳහා ප්‍රතිකාරයක් නොමැති අතර ප්‍රති-කාන්සාවට එරෙහි ඖෂධ සහ මාංශ පේශි ලිහිල් කිරීම වෙනුවෙන් පමණක් ඖෂධ පවතින බව කියැවේ.
සශිකලා මධුෂාණී_