සන්නද්ධ කණ්ඩායම් මධ්‍යම නයිජීරියාවේ ගම්මානවලට එල්ල කළ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 160 ක් මිය ගොස් 300 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
බොක්කෝස් කලාපයේ ගම්මාන 18ක්, බාර්කින් ලඩි ප්‍රදේශය, ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් මරණ වාර්තා වී ඇති අතර කොල්ලකරුවන් වශයෙන් හඳුන්වන සන්නද්ධ කණ්ඩායම් වඩාත් හොඳින් සන්නද්ධ වී ප්‍රහාර දියත් කර විශාල නිවාස සංඛ්‍යාවක් ද ගිනිබත් කර තිබේ.
මෙම සන්නද්ධ කණ්ඩායම් කාලාන්තරයක් පුරා වයඹ සහ මධ්‍යම නයිජීරියාව කඳවුරුවල රැදී සිටිමින් කප්පම් සඳහා නිවැසියන් කොල්ලකෑමට සහ පැහැර ගැනීමට පුරුදු වී ඇති අතර ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රජාවන්ට නිරන්තරයෙන් එල්ල වන මාරාන්තික ප්‍රහාර අවසන් කිරීමට නයිජීරියානු බලධාරීන් අපොහොසත් වී ඇති බවට රජයට චෝදනා එල්ල වී තිබේ.
නයිජීරියාවේ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් වෙසෙන උතුර සහ ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි දකුණ අතර බෙදුම් රේඛාවේ පිහිටා ඇති කලාපයේ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වන අතර ශීඝ්‍ර ජනගහන වර්ධනය සහ දේශගුණික පීඩනය හේතුවෙන් තීව්ර වූ සංචාරක එඬේරුන් සහ ගොවීන් අතර ස්වභාවික සම්පත් සඳහා වන තරඟය සමාජ ආතතීන් උත්සන්න කිරීමටද හේතු වී තිබේ.
සශිකලා මධුෂාණි