මෙයට සමාන නූතන කතා පුවතක් රුසියාවෙන් අසන්නට ලැබෙනවා.
රුසියාවේ වොරොනෙෂ් නගරයේ රෝහලක චෙරී නවාතැන් අරන්. එයට හේතුව, ඇයට යන්නට තැනක් නැතිවීම නෙවෙයි, ඇගේ ස්වාමියා වන දිමිත්රි ඒ රෝහලේ ප්රතිකාර සඳහා නතර කර ඇති නිසයි.
ඉතින් චෙරී දරුණු හිම පතනය, ශීතල සුළං සහ සෙල්සියස් අංශක සෘණ ගණනක උෂ්ණත්වය දරාගෙන තමන්ගේ ස්වාමියා කිසියම් හෝ අවස්ථාවක තමන්ව දකින්නට ඒවි කියා මග බලාගෙන සිටිනවා.
ඔහුගේ බිරිඳ, ඒ කියන්නෙ චෙරීගෙ ස්වාමි දියණිය වන ස්වෙත්ලානා වාර ගණනාවක්ම මේ සුරතලාව නිවසට එක්කරගෙන යන්නට උත්සාහ කළා. නමුත් ඒ එක උත්සාහයක්වත් සාර්ථක වුණේ නැහැ. ‘‘චෙරී එයාට හරිම ආදරෙයි. එයා නැතිව ගෙදර යන්න එන්නෙ නෑ..“ යැයි ස්වෙත්ලානා Mir 24 පුවත් සේවයට පැවසුවා.
මේ වන විට චෙරී ගැන වොරොනෙෂ් නගරයේ බොහෝ දෙනා දන්නවා. ඇය ගැන ට්විටර් සටහන් පවා පළ වෙනවා.
ඔහු රෝහල්ගත කර දැනට සති 2 ක්.
නමුත් 1920 දශකයේ සිදුවුණු හචිකෝගේ කතාව වගේ මේ කතාව අවාසනාවන්ත අවසානයක් ඇති එකක් නෙවෙයි.
තමන්ගෙ සුරතලිය, දැඩි ශීතල නොතකා හිම බිමේ වැතිරී ගෙන, එහෙමත් නැතිනම් රෝහලේ දොරකඩට වෙලා තමන් එන තෙක් මගබලාගෙන ඉන්න බව දිමිත්රි දන්නවා. ඒ නිසා ඔහු කරන්නෙ, කොහොම හරි දවසකට වතාවක් රෝහල් බලධාරීන්ගෙන් අවසර අරගෙන චෙරීව බලන්න එළියට එන එකයි.
එහෙම ආ වෙලාවට දිමිත්රි ඇයට තමන් ළඟ තියෙන ආහාරවලින් සංග්රහ කරනවා. නමුත් චෙරීට කෑම බීම වලටත් වඩා උවමනා ඔහුගෙ ආදර සංග්රහයයි.
සුනඛයන් තරම් මිනිසුන්ට ආදරය කරන සහ ආදරය කළ හැකි තවත් සත්ව කොට්ඨාසයක් නැති බවට චෙරී තම ස්වාමියා වෙනුවෙන් දක්වන කෘතගුණය සහ ළබැඳියාව අපට නැවත වරක් සිහිපත් කර දෙනවා.
මේ සමග දැක්වෙන ප්රධාන ඡායාරූපය, දිමිත්රි රෝහල් වාට්ටුවේ දොරෙන් පිටතට එන තෙක් චෙරී නොඉවසිල්ලෙන් බලා සිටිනා ආකාරයයි. Credit: © YouTube / Мост ТВ