බදින ලද කුකුල් මස් fried chicken දිනපතා ආහාරයට ගැනීම පුද්ගලයකු මරණය කරා ළගා වීමේ වේගය 13%කින් වැඩි කරන බව නවතම අධ්‍යයනයකින් සොයා ගන්නා ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථව වයස පසුවූ කාන්තාවන් යොදා ගෙන සිදු කරන ලද මෙම පර්යේෂණ අධ්‍යයනය ඇමරිකානු BMJ මෙඩිකල් ජර්නල් හී පළ කර තිබුණි.
ඊට අනුව ෆ්‍රයිඩ් චිකන් හෙවක් බදින ලද කුකුල් මස් දිනකට වරක් හෝ කිහිප වරක් ආහාරයට ගන්නා කාන්තාවන් යොදා ගෙන ඇති අතර එවැනි ආහාර නොගන්නා කාන්තාවන්ට වඩා 13%කින් ජීවිත අවධානම වැඩි බව සොයා ගෙන ඇත .
එමෙන්ම දිනපතා ෆ්‍රයිඩ් ෆිෂ් හෙවත් බදින ලද මාළු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ජීවිත අවධානම 7%කි.
මෙම වෛද්‍ය කණ්ඩායම පවසන්නේ ෆ්‍රයිඩ් ෆුඩ්ස් හෙවත් බදින් ලද ආහාර එසේ දිනපතා ගන්නා පුද්ගලයන්ගේ ජීවිත අවධානම මෙන්ම සෞඛ්‍ය ගැටඵද වැඩි වන බවයි.
අද වන විට මෙම fried food ආහාරයට ගැනීම ලෝකයේ ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. පුද්ගල ජීවිත අවධානම සහ fried food අතර සම්බන්ධතාන අනුලෝම එකක් බව මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. මීට ඉහතදීද මෙම බදින ලද ආහාර ගැනීම නිසා දිය වැඩියා රොගය සහ හදවත් ආබාධ වලට පාර කපා ගන්නා බව අනාවරණය කරගන්නා ලදී.
2017 සිදු කරන ලද පර්යේෂණයක් මගින් සොයා ගත්තේ fried potatoes හෙවත් බදින ලද අල ආහාරයට ගැනීම සෞඛයයට අධික ලෙස හානි කර බවයි.