×

පෙනිසිලින් පුරාණේ – නව නිපැයුම් පසුපස තිබෙන රසවත් කතාන්දර – 2

පෙනිසිලින් සොයාගත්තේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලේමිං - (1881 – 1955) (Sir Alexander Fleming) විසිනි. නමුත් එය සම්පූර්ණයෙන්ම අහඹු සිදුවීමක ප්‍රතිඵලයකි.


මේ, ක්ෂුද්‍රජීවින් පිරුණු ලෝකයකි. ක්ෂුද්‍ර ජීවින්ගෙන් සෑදෙන ලෙඩ රෝගවලින්ද පිරුණු ලෝකයකි. ඒ අතරින් බැක්ටීරියා නිසා හටගන්නා රෝග අතිබහුලය. ඒ රෝගවලට වෛද්‍ය ලෝකය සතු සාර්ථකම අවිය ප්‍රතිජීවක ඖෂධයි. ඉතා සුළු සාන්ද්‍රණවලදී වූවද ක්ෂුද්‍රජීවි ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම එකසේ සුවිශේෂිම ලක්ෂණය වේ.

එය අතිශය වැදගත් කරුණක් වන්නේ එකී “ඉතා සුළු සාන්ද්‍රණ’ යනු, මිනිසාට ඒවා අහිතකර නොවන වපසරිය එය වීමයි. පියවී ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් ප්‍රතිජීවක ඖෂධ මඟින් මර්දනය කිරීමට හැකි බව සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ ඓතිහාසික ජයග්‍රහණයකි. ඒ විස්කම කළ වෛද්‍යවරයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින්ය. ඔහු සොයා ගත් පෙනිසිලින් මිනිසා විසින් සොයාගත් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධයයි. කෙසේ නමුත් ඒ සොයා ගැනීම නම්, සම්පූර්ණයෙන්ම අහම්බයකි.

National Galleries of Scotland

National Galleries of Scotland

එය අහඹු සිදුවීමක් වූයේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් ගේ චරිත ස්වභාවය නිසාය. මිතුරන්ට අනුව ඔහු “කිසි පිළිවෙළක් නැති” ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙකි. කිළිටි පෙට්‍රිදීසි අස්පස් කර නොගෙන විද්‍යාගාර පර්යේෂණවල යෙදෙන්නෙකි.

වරක් ඔහු මිනිසාට රෝග බෝකරන ක්ෂුද්‍ර ජීවින් පිළිබඳ පෙට්‍රි දීසි රාශියක් පිරිවරාගෙන පර්යේෂණවල යෙදී සිටියේය. ඉන්පසු එළැඹෙන සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා ඔහු පිටත්ව ගියේ කිසි වග විභාගයකින් තොරවය. සති අන්තය නිමාකර ඊළඟ සඳුදා සේවයට පැමිණෙන විටද එම අපවිත්‍ර ප්ලාස්ටික් ප්‍රෙටිදීසි එලෙසම දක්නට ලැබිණ. ප්ලෙමින් ඒවා රැගෙන ළඟම තිබූ කුණු කූඩයට දැමුවේය. ඉන්පසු සුපුරුදු පර්යේෂණවල යෙදුණේය.

පසුව ඔහු නිරීක්ෂණය කළේ, ඒ කුණු කූඩයට දැමූ පෙට්‍රිදීසිවල වැවී තිබූ දිලීර සාම්පල නිසා යම්කිසි ප්‍රමාණයකට බැක්ටීරියා මියගොස් තිබෙන ආකාරයයි. ඔහු රෝපණය කරමින් සිටියේ පෙනිසිලියම් නොටේටුම් නමැති දිලීරයයි. රෝපණ මාධ්‍යයේ වූ බැක්ටීරියාව මියයාමට හේතුව, එකී දිලීරයෙන් නිපද වූ යම්කිසි ද්‍රව්‍යයක් බවට සැක පහළ කෙරිණි.

එම අනුමානය නිවැරැදි එකක් විය. බැක්ටීරියා නිසා හටගන්නා රෝගවලින් වසරකට මියයන ඳලියන ගණනක් රෝගීන්ගේ දිවි රැකගත් මෙම ඖෂධය පෙනිසිලින් ලෙස පසුව නිපදවිණි. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලෙමින් 1945 වර්ෂයේ මෙම සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයද දිනා ගත්තේය. 1944 වර්ෂයේදී ස්ට්‍රෙප්ටොමයිසීන් නමැති ප්‍රතිජීවකය විද්‍යාඥ වැක්ස්මන් විසින් සොයා ගත්තේ ඉන්පසුවය. ඒ වෙනුවෙන් 1952 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය වැක්ස්මන්ට හිමිවිය.

Flickr

Flickr



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි