ඉතා උණුසුම කාලගුණයක් පවතින ග්‍රීසියේ අයිටොනිකෝ වෙරළ තීරයේ දැක ගත හැකි වූ මේ සිත් අදහාගත නොහැකි මකුළු දැළ වෙරළ තීරයේ වර්ණය කොළ පැහැයට නංවා තිබූ අතර විශේෂඥයින් පවසන්නේ එය මේ කාල සෘතු වෙනසත් සමග ඇති වන තත්ත්වයක් බවයි.
Tetragnatha ටෙට්‍රග්නාත නැමති මකුළු විශේෂයක් විසින් වියූ එකක් බව ද ඔවුහු පවසති.
මෙම මකුළු විශේෂය මකුළු ලෝකයේ අනෙක් මකුළුවන්ට වඩා විශේෂත්වයක් ගන්නා මකුළු විශේෂයකි. සංසර්ගය සඳහා විශාල වශයෙන් මකුළ දැල් විවීම ඔවුන් සිදු කරයි.මෙම ප්‍රදේශයේ මෙතරම් ප්‍රමාණයකින් මකුළුවන් වැඩි වීමට හේතු වී ඇත්තේ එහි මදුරු ගහණය වැඩි ව නිසා බවද විශේෂඥයෝ විශ්වාස කරති.
ග්‍රීස්යේ ඩිමොක්‍රීටස් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාරියා චාට්සාකි පවසන්නේ ඉහළ උෂ්ණත්වය, සුදුසු ආර්ද්‍රවතාවය සහ සෑහෙන තරම් ආහාර මෙම මකුළු ගහණය වැඩි වීමට බලපාන හේතූන් වේ.
එමෙන්ම මෙම සුවිශේෂි මකුළු වර්ගය කිසිදු ලෙසකින් මිනිසාට අහිත කර නොවන බවද පරිසරයට හෝ පොළොවට හානියක් නොවන බවද ඇය පවසා සිටියි. ඔවුන් මෙම පරිසරය තුළ වැඩි කල් ජීවත් නොවනු ඇති අතර ඉතා ඉක්මනින් මිය යනු ඇති බවත් විශේෂඥ මතයයි