×

ලෝකය දුවන රේස් එකෙන් මිදුණු, අරුම පුදුම උසුපීස් රාජ්‍යය

ඔබට සිහිනෙනිදු ඇදහිය නොහැකි ලොව කුඩාම රාජ්‍යයක් වන්නේ උසුපීස් ය.


මෙය වෙනම රාජ්‍යයක් ලෙස සැලකිය හැකිද නැතිද යන්න ගැන මතභේද තිබිය හැකි නමුත්, ඒ මයික්‍රො නේෂන් හෙවත් ‘ක්ෂුද්‍ර රාජ්‍යයට‘ වෙනම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ද තිබේ. එහි ගති ලක්ෂණ ඉතා අපූරු ය.

ලිතුවෙනියාවේ ප්‍රධාන නගරය විල්නියුස් නගරයෙන් වට වුණ උසුපීස්, ඇතැම්විට ලිතුවේනියාවේ අගනුවර වශයෙන් ද සැලකේ.

සැබවින්ම උසුපීස් යනු ලොව කුඩාම රාජ්‍යයන්ගෙන් එකකි. වර්ග කිලෝමීටර් එකකටත් අඩු මෙම රාජ්‍යය ට එයටම කියා වෙන් වුණු ජනපතිවරයෙක් සිටියි. නමුත් එය,  එහි ප්‍රමාණය ගැන සිතා නොසලකා හැරිය නොහැකි රාජ්‍යයකි මේ උසූපීස්.

වර්ග කිලෝ මීටරයකට වඩා කුඩා වුවත් එයටම කියා ජනපතිවරයෙක් පමණක් නොව ආණ්ඩුවක්, ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාවක්, එයටම ආවේණික මුදල් ඒකකයක මේ කුඩා රාජ්‍යය සතු වෙයි.. එපමණක් නොව තමන්ටම කියා කුඩා නාවික හමුදාවක් ද මේ කුඩා රාජ්‍යය සතුය. මින් පෙර සෙබලුන් 10කගෙන් යුත් හමුදවක්ද මෙම රාජ්‍යයට තිබුද රාජ්‍යයේ පැවති සාමකාමී තත්ත්වය නිසා එම හමුදාව විශ්‍රාම ගැන්වීය.

Lost Lara

Lost Lara

උස්පීස් යනු 1990ට පෙර රුසියානු සමූහාණ්ඩුව හා බැදී පැවති සන්ධීය රජ්‍යයකි.

සෝවියට බෝල්ක් ගෘහ නිර්මාණ ශිලපයේ සන්ධිස්ථානයක් වන මෙය අදටත් බොහෝ සෝවියට් ප්‍රතිමා මෙන්ම එවායේ පදනම්ද වලින් සමන්විත වූ රාජ්‍යයකි.

උසුපීස් යන්නෙහි අර්ථය beyond the river හෙවත් ‘ගඟෙන් එපිට‘ යන්නයි. වාර්ෂිකව සිය නිදහස් දිනය උසුපීස් දිනය නමින් සමරන උසුපීස් වැසියන් එය සමරන්නේ අප්‍රේල් පළමු දාය.

මෙම දිනයේ සංචාරකයන් සදහා තමන් නිදහස් දා උසුපීස් වෙතපැමැණිය බව සදහන් කළ මුද්‍රාවක් සිය විදෙස් ගමන් බලපත්‍රයේ මුද්‍රණය කරවා ගත හැකිය. අප්‍රේල් පළමු වෙනිදා ලෝකය සමරන්නේ මෝඩයන්ගේ දිනය ලෙස වුවත් එදින උසුපීස් වැසියන්ගේ නිදහස් දිනය වීම අමුතුම අත්දැකීමක් බව ඔවුන් පවසයි.

එහි විදේශ අමාත්‍යවරයා වන තෝමස්සෙ පැටීස් පවසන්නේ මෙම ජනරජය ඇරිස්ටෝටල් දර්ශනයට අනුව බිහිවූ බවයි. එනම් ” ඕනෑම ශ්‍රේෂඨ රජ්‍ය්‍යක් සතුව රටේ මුල් වැසියන් ටික දෙනෙකුහෝ සිටිය යුතු ය. විදේශ අමාත්‍යවරයාට අනුව මේ රාජ්‍යයේ වැසියන් 5000ට වඩා අඩු විය යුතුය. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ මිනිස් මනසකට ඊටත් වඩා ගණනාවකගේ මුහුණු මතක තබාගත නෙහැකි බවයි. ”සියල්ලෝම සියල්ලන්වම දන්නවා. එමනිසා රවටන්නටත් එකිනෙකාට විධාන කිරීමටත් අපහසුයි.“ යැයි ඔහු පවසනවා.

උසුපීස්හී ජාතික කොඩිය ‘හෝලි හෑන්ඩ්‘ නැතිනම් විශාල සිදුරක් සහිත අතක් පිළිබිඹු කරයි. එහ මුලිකම අදහස වන්නේ අල්ලස් නොගන්නා යන්නයි. වංචා දූෂණයෙන් තොර යහපත් මිනිසුන්ගේ රාජ්‍යයක් යන්නයි.

උසුපීස් ගොඩ නගන්නට මූලිකත්වය ගෙන කටයුතු කළ අයගෙන් එක් අයෙක් වන සංචාරක අමාත්‍ය කෙටාස් ලුකොකිනාස් පවසන්නේ ‘‘ඔබ කිසිවෙකුටත් අයිති නොවේ. ඔබගේ අයිතිකාරයා ඔබමය , ලෝකය දිව යන ‘මෝඩ රේස් එක‘ ඔබ නොදිවිය යුතුය.‘‘ යන්නයි.

උසුපීස් හි වටපිටාව අනෙක් රාජ්‍යයන්ට වඩා අතිශයින්ම වෙනස්ය . ඔබට එහිදී සම්පූර්ණයෙන්ම නිදහස් හා සතුටට පත්විය හැකිය. නගරයට ඇතුල්වන ඔබට නගරයෙ අවන්හල තුළදී නගරයේ ප්‍රධානියා හමුවිය හැකිය. සුප්‍රසිද්ධ ක්‍රීඩකයන් මෙන්ම කලාකරුවන් ද එහිදී හමු විය හැකිය.

නිදහස ලබාගන්නට පෙර මෙය අපරාධකරුවන්ගේ නගරයකි. කොටින්ම කිවහොත් එය හැඳින්වූයේ ‘මරණයේ වීදිය‘ Street of Death නමිනි.

නමුත් නිදහසෙන් පසු ඇති වූ සාමකාමී තත්ත්වය ගැන අදටත් පුදුම සහගතය’ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සියල්ලන්ටම ලබා දී ඇති අයිතීන් අතර සමහර අයිතීන් අපටනම් විශ්වාස කළ හැකි ඒවා නෙවෙයි!.

ඒවායින් සමහරක් මෙසේ ය.

  • රටේ සියලු වැසියන් සදහා උණුසුම් ජලයට අයිතියක් ඇත.
  • සෑම පුද්ගලයෙකටම මිය යෑමට අයිතියක් ඇත.
  • සෑම අයෙක්ටම තේරුම් ගැනීමට අයිතියක් ඇත.
  • සෑම අයෙකුටම කිසිම දෙයක් තේරුම් නොගෙන සිටීමට අයිතියක් ඇත.

රාජ්‍යයේ ජාතික සුරතලා ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සුනඛයා වෙයි. නමුත් එහි දක්වා ඇති පරිදි ”සුනඛයාට සුනඛයෙකු වීමේ අයිතියක් ඇත…‘A dog has a right to be a dog… එමෙන්ම ව්‍යවසථාවේ පූසන් සම්බන්ධවද කවා ඇත පූසන් හට අයිතිකරු ආදරය කළ යුතුම නොවේ. එසේමපූසන් අයිතිකරුට ආදරය කිරීමට බැඳී නැත. එසේම උදව් අවශ්‍ය වූ විට පූසන්ට උදව් කිරීමට හිමිකරු බැඳී සිටියි. Cat is not obliged to love its owner, but must help in times of need’.

නගරය පුරා මෙම ව්‍යවස්ථාවට අයත් සමහර කොටස් සදහන් කළ පුවරු 30ක් පමණ එල්ලා ඇත.

මෙම සුන්දර රාජ්‍යයේ ජනපතිවයා රාජ්‍ය කරන්නේ එය ආරම්භ කළදා පටන් ය. ඒ වසර 21 කාලයක් තිස්සේය. ඔහුද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන තීරණ ගැනීම ට පාර්ලිමේන්තුවටම යායුතු නැත … හමුවිය හැක ඕනෑම සරල ස්ථානයකදී ඔවුහු දේශපාලන තීරණ ගනිති.

මේ සියලුම කරුණු නිසා උසුපීස් රාජ්‍යය මේ වන විට ලිතුවේනියාවේ ප්‍රධානතම සංචාරක නිකේතනයක් බවට ද පත්ව තිබේ.

මූලාශ්‍රය _Republic of Uzupis
This micro-nation may be some sort of prank, but its constitution sure seems official



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි