×

එඩිසන් ගැන නොකී කතාවක්

තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝඩ් සහ හාවේ ෆයර්ස්ටෝන් යනු රජ තුන් කට්ටුවක් වැනි මිතුරන් තිදෙනෙකි.


1916 වර්ෂයේ එක් දිනෙක තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝඩ් සහ හාවේ ෆයර්ස්ටෝන් යන තිදෙනා අමෙරිකාවේ සංචාරයක නියැලී සිටියහ. මේ මිතුරන් තිදෙනා වෙන වෙනම හඳුන්වා දීම අවශ්‍ය නොවුණ ද, සරලව කිවතොත්, තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය ඇතුළු නිපැයුම් ගණනාවක හිමිකරුවෙකි. හෙන්රි ෆෝඩ්, ෆෝඩ් මෝටර් රථ කම්හලේ හිමිකරු වූ අතර ෆයර්ටෝන් රබර් කර්මාන්තයේ නියමුවෙකි.

සුප්‍රසිද්ධ මිතුරන් තිදෙනා | Henry Ford, Thomas Edison and Harvey Firestone | Cherry Homes

සුප්‍රසිද්ධ මිතුරන් තිදෙනා Henry Ford, Thomas Edison and Harvey Firestone | Cherry Homes

සංචාරය අතරතුරදී ඔවුහු කුඩා ගෑස් පිරවුම් හළක නතරවූහ. පිරවුම්හලේ සේවකයා ගෑස් ටැංකිය පුරවන අතරතුර ෆයර්ස්ටෝන් ඔහු සමඟ කතාබහක පැටලීමට උත්සාහ කෙළේ ය. ප්‍රදේශයේ කාලගුණය හා අස්වැන්න ගැන දෙසීය. ඉන් පසු තමාව හඳුන්ව දුන්නේය. සේවකයා එය විශ්වාස කිරීමට මැලිවිය.

ඇත්තට… එතකොට අර කවුද?

සේවකයා ඇසුවේ ෆෝඩ් වෙතට ඇඟිල්ල දිගු කරමිනි.

“ඒ හෙන්රි ෆෝඩ්” ෆයර්ස්ටෝන් කීය.

“හුහ්… එතකොට අරයා කවුද..?”

”එයා තෝමස් එඩිසන්”

“තෝමස් එඩිසන්…? එතකොට තමුසෙ මට ඊළඟට කියන්න හදන්නෙ අර ඉස්සරහ සීට් එකේ ඉන්නෙ නත්තල් සීයා කියල ද..?

සේවකයා ඉහිලුම් නොදෙන කෝපයෙන් කෑගැසීය.

ඇත්තෙන්ම මෝටර් රියේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේ ඔවුන් තිදෙනාගේ තවත් මිතුරෙකු වූ කීර්තිමත් ස්වභාව විද්‍යාඥ ජෝන් බරෝ ය. ඒ කාලයේ වවා තිබූ සිය සුදු දිග යටි රැවුල නිසා ඔහු මිතුරන් අතර ප්‍රකට ව සිටයේ ‘නත්තල් සීයා’ යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි