×

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන වලින් ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ පියවරක් වශයෙන් චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා 100% තීරුබදු ප්‍රකාශයට පත් කර තිබේ. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙලඳ ආතතීන් අවුලුවාලීමට ඉඩ ඇති මෙම පියවර තුළ ඩොලර් බිලියන 18 ක් වටිනා චීන භාණ්ඩ සඳහා […]


සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන වලින් ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ පියවරක් වශයෙන් චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා 100% තීරුබදු ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙලඳ ආතතීන් අවුලුවාලීමට ඉඩ ඇති මෙම පියවර තුළ ඩොලර් බිලියන 18 ක් වටිනා චීන භාණ්ඩ සඳහා වඩාත් දැඩි සීමා පැනවීමට සුදානම් බව ධවල මන්දිරය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

චීනයේ මෝටර් රථ සම්බන්ධයෙන් ට්‍රම්ප්ද දැඩි ස්ථාවරයක සිටින අතර ඔහු සඳහන් කර තිබුණේ මේ වසර අගදී ජනාධිපති ලෙස තේරී පත් වුවහොත්, චීන කම්හල්වලින් එන සෑම මෝටර් රථයක් වෙනුවෙන්ම 100%ක තිරුබද්දක් පනවන බවයි .

2021 දී ධවල මන්දිරයට පැමිණීමෙන් පසු ජනාධිපති බයිඩන් වෙළඳාම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර නව තීරුබදු අද(14) සිට දින 90කින් ක්‍රියාත්මක වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි