×

පළමු ජනාධිපති විවාදයේදී ට්‍රම්ප් ප්‍රධාන ප්‍රශ්න මගහරියි; බයිඩන් සම්බන්ධයෙන් ඩිමොක්‍රටික්ස් පාක්ෂිකයන් කනස්සල්ලට පත්වේ

මීළඟ විවාදය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.


සටහන : සශිකලා මධුෂාණි, ජුනි 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයට පෙර මිනිත්තු 90ක පළමු රූපවාහිනී විවාදයේදී ට්‍රම්ප්ට එරෙහිව බිඩෙන්ගේ නොසන්සුන් විවාදයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය ගැන කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

අපේක්ෂකයන් දෙදෙනාගේ එකිනෙකාට ඇති දැඩි අකමැත්ත මත ඔවුන් වේදිකාවට ගොඩවන විට අතට අත නොදී මගහැර ගිය අතර එම අකමැත්ත විවාදය පුරාවටම පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

උපසභාපති කමලා හැරිස් බිඩෙන් ආරක්ෂා කරමින් කියා සිටියේ එය “මන්දගාමී ආරම්භයක්, නමුත් ශක්තිමත් නිමාවක් තිබුණා” යනුවෙන් වුවත්, 81 හැවිරිදි ඩිමොක්‍රටික් පාලකයා දෙවන සිව් වසරක ධූර කාලයකට සේවය කිරීමට තරම් වයසින් වැඩි බව ඡන්දදායකයින් අතර ඇති කනස්සල්ල මධ්‍යයේ මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසුවේ විකල්ප සාකච්ඡා කිරීමට ඔවුන් රැස්වන බවයි.

විවාදය තුළ සකච්ජා වූ කරුණු අතර ට්‍රම්ප් ආර්ථිකය සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳව බිඩෙන්ට නැවත නැවතත් පහර දුන් අතර, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ළදරු ඝාතනයට සහය දක්වන බව සහ සංක්‍රමණිකයන් ප්‍රචණ්ඩ අපරාධ රැල්ලක් ගෙන ගොස් ඇති බවට චෝදනා කළේය. බයිඩන් පෙරලා තම ප්‍රතිවාදියාගේ සාපරාධී වරදට සහ 2020 මැතිවරණය පෙරලා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළ අතර 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් කෝලාහලය පිළිබඳව සඳහන් කරමින් මේ පුද්ගලයාට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැඟීමක් නැත යනුවෙන් ප්‍රකාශ කළ අතර ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙස හැඳින් විය. එමෙන්ම අතර ට්‍රම්ප්ගේ හිටපු කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඔහුගේ ව්‍යාපාරය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් කළේය.

බයිඩන් ට්‍රම්ප් පරාජිතයෙකු ලෙස හැඳින්වූ අතර, අපේක්ෂකයින් දෙදෙනා ආර්ථිකය, ගබ්සාව, සංක්‍රමණ සහ යුක්‍රේන යුද්ධය සහ ගාසාවේ යුද්ධ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගත් අතර එයට ගැඹුරු පුද්ගලික ප්‍රහාර කිහිපයක් ඇතුළත් විය.

අපේක්ෂකයන් දෙදෙනා මෙම විවාදය හරහා ජන්ද දායකයන් අතර යම් චිත්‍රයක් මවන්නට සමත් වූ අතර මීළඟ විවාදය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි