×

දකුණු කැරොලිනා ප්‍රථමික ජන්දයේ ජයග්‍රහණය බයිඩන්ට

ජනධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, දකුණු කැරොලිනා ජනතාව අපගේ ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් බවත්, ජනාධිපතිධුරය දිනා ගැනීමේ මාවතට අපව යොමු කළ බවත්ය.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 04,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඊයේ(03) දිනයේ පවත්වන ලද පළමු නිල ප්‍රාථමික ජන්දය ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

දකුණු කැරොලිනාවේ ප්‍රකාශිත ඡන්ද 120,643 කින් ඡන්ද 116,266 ක් දිනා 93.3% ක ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව දකුණු කැරොලිනාවෙන් ජන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 55 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජනධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, දකුණු කැරොලිනා ජනතාව අපගේ ව්‍යාපාරයට නව ජීවයක් ලබා දුන් බවත්, ජනාධිපතිධුරය දිනා ගැනීමේ මාවතට අපව යොමු කළ බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි