×

බ්‍රෑන්ඩ්ඩ් වීමේ කතාව 3 – Dolce and Gabbana

ඔවුන් දෙදෙනා ඇඳුම් නිර්මාණය කරන්නේ සිනමා සිත්තමක් නිර්මාණය කරනවා වැනි අපූරු හැගීමකින්.


අපි සමහර වෙලාවට බ්‍රෑන්ඩ්ඩ් වෙන්නේ නොදනුවත්මයි. දැන් ගොඩක් මිනිස්සු කරන කියන බොහෝ දේවල් තීරණය වෙන්නේ මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකක් මත නිසා ඒක දැන් සාමන්‍ය දෙයක් බවට පත් වෙලා. මේ වෙලාවේ ඔයා ඇඳගෙන ඉන්න T – ෂර්ට් එක, ඔයාගේ බෑග් එක, එහෙමත් නැතිනම් ඔයාගේ පර්ෆියුම් එක කුමක් හෝ බ්‍රෑන්ඩ් එකකට අයිති එකක් වෙන්න පුළුවන්. ඒ මොකුත්ම නැතිනම් ගෙදර ඔයාගේ අල්මාරියේ, මෙසේ උඩ, කණ්නාඩි මේසයේ බ්‍රෑන්ඩ්ඩ් නිෂ්පාදනයක් නැති වෙන්න හේතුවක් නැහැ. මොකද අද අපි ජීවත් වෙන්නේ පාරිභෝජන සමාජයක නිසා. Dolce and Gabbana එහෙමත් නැතිනම් D &G කියන්නේ ජනප්‍රිය සන්නම් නාමයක්. Dolce and Gabbana බිහි වෙන්නේ ලෝකයේ බොහෝ විලාසිතා සන්නාමයන් හඳුන්වාදුන් නගරයක් වන ඉතාලියේ මිලානෝ නගරයෙන්.

1985 වසරේදී Domenico Dolce සහ Stefano Gabbana විසින් නමින් සුවිශේෂී විලාසිතා නිෂ්පාදන ආයතනය ආරම්භ කරනවා. ඒ වන විට ඔවුන් දෙදෙනාගේම අතේ තිබෙන්නේ ඩොලර් 1500ක් පමණ සුළු මුදලක්. එය නම් කරන්නේ ඔවුන් දෙදෙනාගේ නම්වල එකතුවෙන්. ඒ Dolce and Gabbana විදිහට. වැඩේ හිතන තරම් ලෙහෙසි නොවුණත් 60 දශකයේ ඉතාලි සම්භාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කළ නිසාම මේ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් දෙදෙනා මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ සුපිරි තරු බවට පත් වෙනවා. ඒ විදිහට ආරම්භ වූ Dolce and Gabbana ව්‍යාපාරය අද කාන්තා ඇඳුම් පැළඳුම් සහ උපාංග නිෂ්පාදනයේ කිරීමේ පුරෝගාමීන් බවට පත් වී තිබෙනවා. ඒ වගේම අද වන විට කාන්තා, පිරිමි ඇඳුම්, යට ඇඳුම්, පිහිනුම් ඇඳුම්, ක්‍රීඩා ඇඳුම්, සුවඳ විලවුන්, බෑග්, සපත්තු ඇතුළු තවත් බොහෝ උපාංගයන් D &G සන්නාමය යටතේ නිර්මාණය වෙනවා. ඒ වගේම D & G කාන්තාවන්ගේ පෙනුම ගැන වැඩියෙන් හිතන බ්‍රෑන්ඩ් එකක් බව නොරහසක්.

 ඒ වගේම Domenico Dolce සහ Stefano Gabbana කියන්නේ සමලිංගික ආදරවන්තයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය විවෘතවම පවත්වාගෙන් යන නමුත් වසර කිහිපයකින් පසුව ඔවුන් දෙදෙනා වෙන් වෙනවා. එහෙත් ව්‍යාපාරික සම්බන්ධතා ඔවුන් නතර කරන්නේ නැහැ.

1985 වසරේදී Dolce and Gabbana ඔවුන්ගේ පළමු කාන්තා ඇඳුම් එකතුව ඉදිරිපත් කරනවා. එම පළමු ප්‍රදර්ශනය සාර්ථක වීමත් සමඟ ඔවුන් දෙවරක් නොසිතාම පිරිමි ඇඳුම් එකතුව ආරම්භ කරනවා. ඒ අනුව ඉතාලිය, හොංකොං සහ ජපානයේ Dolce and Gabbana අලෙවිසල් ආරම්භ කරනවා. මෙම නිර්මාණකරුවන් දෙදෙනාගේ නිර්මාණවල සුවිශේෂීත්වය වන්නේ අඳුරු වර්ණ භාවිතය සහ සත්ව රූප භාවිතා කිරීමයි. ඒ වගේම ඔවුන් දෙදෙනා ඇඳුම් නිර්මාණය කරන්නේ සිනමා සිත්තමක් නිර්මාණය කරනවා වැනි අපූරු හැගීමකින්. ඒ වගේම Domenico Dolce සහ Stefano Gabbana කියන්නේ සමලිංගික ආදරවන්තයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය විවෘතවම පවත්වාගෙන් යන නමුත් වසර කිහිපයකින් පසුව ඔවුන් දෙදෙනා වෙන් වෙනවා.

එහෙත් ව්‍යාපාරික සම්බන්ධතා ඔවුන් නතර කරන්නේ නැහැ. අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නාම අතරට Dolce and Gabbana එහෙමත් නැතිනම් D & G එකතු වෙන්නේ ඒ විදිහට.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි