×

චීනයේ අති සුන්දර ‘හාබින් අයිස් සැණකෙළිය‘

1980 දශකයේදී ආරම්භ වුණු, ලෝකයේ විශාලතම අයිස් සැණකෙළියක් වන මෙය, පෙබරවාරි 5 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වේ.


ඊශාන දිග චීනයේ හාබින් නුවර මේ දිනවල පැවැත්වෙන අයිස් සැණකෙළියේදී හිම මාළිගා, හිම බලකොටු ඇතුළු අයිස්වලින් කළ අනර්ඝ සහ දැවැන්ත නිර්මාණ ගණනාවක් දැකගත හැකිය. මේ නිර්මාණ ශීත කාලගුණය නිසා දියවී වැගිරීම ස්වභාවිකවම නතර වී තිබේ. එයට අමතරව ඒවාට යම් රසායනිකයක් ද ඉසිනු ලැබේ.

Ice sculptures are seen at annual ice festival, in the northern city of Harbin, Heilongjiang province, China, on 4 January 2019
ඊයේ නිල වශයෙන් ආරම්භ වුණු මෙම සැණකෙළිය චීනයේ ‘අයිස් මූර්තිකරුවන්‘ගේ දස්කම් මොනවට විදහා පෙන්වයි. | REUTERS
Visitors watch fireworks exploding over ice sculptures at the Ice and Snow World during the opening ceremony of the annual Harbin International Ice and Snow Sculpture Festival, in Harbin, Heilongjiang province, China, on 5 January 2019
සැණකෙළිය ආරම්භ වූයේ හිම මාළිගාවල මස්තකයන් අතරින් දිස්වූ මල්වෙඩි වලිනි. | EPA
A child rides a slide of an ice sculpture of the Ice and Snow World during the annual Harbin International Ice and Snow Sculpture Festival, in Harbin, China, on 4 January 2019
සෑම වසරකම මෙය නැරඹීම සඳහා ලක්ෂ ගණන් සංචාරකයෝ ලොව නන් දෙසින් ඇදී එති. | EPA
People visit ice sculptures illuminated by coloured lights at the Ice and Snow World in Harbin on 4 January 2019
‍මේ අයිස් ලෝකය තැනී තිබෙන්නේ අයිස් කියුබික් මීටර 120,000 ක් සහ හිම කියුබික් මීටර 111,000 කිනි. | EPA
People visit ice sculptures at the Ice and Snow World during the annual Harbin International Ice and Snow Sculpture Festival, in Harbin, China, on 4 January 2019
හාබින් නගරයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක -34 කි. සියලු අයිස් මූර්තිකරුවන් මේ සීතල දරාගත යුතුය. |EPA
A couple walk between snowmen on Songhua River that displays 2019 snowmen as a part of annual ice festival, in the northern city of Harbin
මිදී ගිය ෂොන්සුවා ගඟ මත හිම මිනිසුන් 2019 දෙනෙකි. ලබන වසරේ ඔවුන් හිම මිනිසුන් 2020 ක් මෙහි සිටුවනවා ඇත. | REUTERS
Participants jump into the freezing water of the Songhua River during a winter swimming competition at the annual Harbin International Ice and Snow Sculpture Festival, in Harbin, Heilongjiang province, China, 05 January 2019. Around 600 winter swimmers took part in the competition.
අයිස් ජලයේ පිහිනන්නට කැමති අය සඳහා පිහිනුම් තරගයක් ද පවත්වනු ලැබේ. මේ වසරේ තරගයට 300 දෙනෙක් පමණ එක්ව සිටියහ. | EPA

ප්‍රධාන ඡායාරූපය : EPA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි