×

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම සතිය අගදී එක්සත් ජනපදයේ සංචාරයක

කරුණු රාශියක් ආවරණය කිරීමට මෙම සංචාරයෙන් ඉඩ ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.


වර්ධනය වන භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ එක්සත් ජනපදයේ හා චීනයේ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම සතිය අගදී එක්සත් ජනපදයට සංචාරය කිරීමට නියමිත බව බීජිං නිවේදනය කර තිබේ.

ඒ අනුව, වැන්ග් යී ඔක්තෝබර් 26-28 දක්වා වොෂින්ටනයට ගොස් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවනු ඇත.

වෙළඳාම, වයඹදිග ෂින්ජියැං කලාපයේ තත්වය, දකුණු චීන මුහුදේ මිලිටරිකරණය, ස්වයං-පාලිත තායිවානය මත ඉහළ යන පීඩනය සහ COVID-19 හි මූලාරම්භය වැනි ගැටළු සම්බන්ධයෙන් එක්සත් ජනපද-චීන ​​සබඳතා 2018 සිට පිරිහී ඇති අතර මෙම තත්වය සමනය කර ගැනීම හා ඊශ්‍රායල-හමාස් ගැටුම, යුක්රේන යුද්ධය සහ දකුණු චීන මුහුදේ උත්සන්න වන ආතතිය ඇතුළු කරුණු රාශියක් ආවරණය කිරීමට මෙම සංචාරයෙන් ඉඩ ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි