×

රසිකාවියන්ගේ හඳවත් බිඳ දමමින් කැප්ටන් ඇමෙරිකා යුග දිවියට!

Chris Evans නැතහොත් මාර්වල් ලෝකයේ සිහින කුමරා “කැප්ටන් ඇමෙරිකා” ඔන්න කසාදෙකුත් කරගෙන… ඒ සුරූපී පෘතුගීසි නිළියක් සමඟ බවට ආරංචි වෙනවා. 42 හැවිරිදි ක්‍රිස් එවන්ස් සහ 26 හැවිරිදි පෘතුගීසි නිළි ඇල්බා බැප්ටිස්ටා වසරකට වැඩි කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වීමෙන් පසු එකිනෙකාගේ අතිනත ගැනීම මෙසේ සිදු වී තිබේ. මෙම විවාහ උත්සවය ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි කේප් […]


Chris Evans නැතහොත් මාර්වල් ලෝකයේ සිහින කුමරා “කැප්ටන් ඇමෙරිකා” ඔන්න කසාදෙකුත් කරගෙන… ඒ සුරූපී පෘතුගීසි නිළියක් සමඟ බවට ආරංචි වෙනවා.

42 හැවිරිදි ක්‍රිස් එවන්ස් සහ 26 හැවිරිදි පෘතුගීසි නිළි ඇල්බා බැප්ටිස්ටා වසරකට වැඩි කාලයක් පෙම් සබඳතාවක් පැවැත්වීමෙන් පසු එකිනෙකාගේ අතිනත ගැනීම මෙසේ සිදු වී තිබේ. මෙම විවාහ උත්සවය ඉකුත් සෙනසුරාදා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි කේප් කෝඩ් හි පෞද්ගලික වතුයායක පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විවාහ උත්සවය ඉතා සරලව සිදු කළ අතර Chris Evans ගේ Avengers හි සහය නළුවන් වන Robert Downey සහ ඔහුගේ බිරිඳ Susan Downey, Chris Hemsworth සහ ඔහුගේ බිරිඳ Elsa Pataky සහ Jeremy Renner විවාහ ඇරයුම් ලද අයවලුන්ගේ ලැයිස්තුවේ කොටසක් විය.

ඉතින් කෙල්ලනේ දැන් හිත හඳාගන්නයි වෙන්නේ… ඔන්න කැප්ටන් ඇමෙරිකා ලෝකෙ බේරගන්න යන ගමනේ එයාගේ ජීවිත ගමන බාර දෙන්නත් කෙනෙක් හොයාගෙන..ඔබට සුභ පැතුම් “Captian America” !

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි