×

යකඩ අඩුකම නිසා ඉක්මනින් මහන්සිය

අප අතරින් සෑම 5 දෙනෙකුගෙන්ම 1 අයෙක්, අසාමාන්‍ය ලෙස වෙහෙසට පත් වන අය බවත්, 10 දෙනෙකුගෙන් 1 අයෙක්, දීර්ඝ කාලීන ලෙස පවත්නා විඩාවෙන් පීඩා විඳින බවත් The Royal College of Psychiatrists වාර්තාවකින් පෙන්වා දෙයි.


ඇතැම්විට මෙසේ සිදුවන්නේ විශේෂිත හේතුවකින් තොරව ද විය හැකිය. tiredness and fatigue

මෙම මහන්සිය සහ විඩාව (tiredness and fatigue) ට හේතු මොනවාදැයි සොයාගැනීම ඉතා වැදගත් ය. නව පර්යේෂණයක් පෙන්වා දෙන්නේ ආහාර වේල, විශේෂයෙන්ම යකඩ (අයන්) ඌනතාවය නිසා මේ තත්වය ඇති වන බවයි.

පෝෂණ ඌණතා ලෝකයේ ප්‍රධානතම සහ වැඩිපුරම පවතින ගැටළුව වශයෙන් හඳුනා ගැනෙන්නේ යකඩ ඌනතාවයයි. ලෝක ජනගහනයෙන් 30%කට වඩා යකඩ ඌනතාවයෙන් පීඩා විඳිනවා. එසේ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

The National Diet and Nutrition සමීක්ෂණයට අනුව එංගලන්තයේ,

  • වයස අවුරුදු 11-18 ත් අතර දැරියන්ගෙන් 48% ක්
    වයස අවුරුදු 19-64 අතර කාන්තාවන්ගෙන් 27%ක්
    වයස අවුරුදු 1-10 අතර පිරිමි ළමුන්ගෙන් 10%ක්

යකඩ ඌනතාවයෙන් පීඩා විඳිමින් සිටිති.

ඇනීමියාව හෙවත් රක්ත හීනතාවය ලෙස හඳුන්වන්නේ යකඩ ඌනතාවය නිසා හටගන්නා තත්වයයි. මෙම රක්තහීනතාවය මනිනු ලබන්නේ රුධිරයේ ඇති ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් ප්‍රමාණය අනුව ය. ඇතැම්විට මෙම හිමොග්ලොබින් ප්‍රමාණය, තිබිය යුතු අවම සීමාවෙන් ඉහළ තිබෙනවා විය හැකිය. නමුත් එවැනි අයගේ වුවත්, යකඩ පරිහරණය වැඩි කරන විට ශක්තිමත් බව දැනීයාම වැඩිවන බව පෝෂණ විශේෂඥයෝ පවසති. මේ අතර, British Medical Journal සහ NHS පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම දරුවන් දරා සිටින වයසේ පසුවන කාන්තාවන්ට දැනෙන අධික විඩාවට හේතුව යකඩ ඌනතාවය බව සහ, ඒ තත්වය ඔවුන් විසින් නොසලකා හැර තිබෙන බවයි.

සාමාන්‍යෙයන් පිරිමි පාර්ශවයට යකඩ ඌනතාවය සහ රක්තහීනතාවය වයස අවුරුදු 65 ට අඩු නම් බලපාන්නේ අඩු වශයෙනි. නමුත් වයස අවුරුදු 65 ඉක්මවූ විට ඔවුන්ට මේ තත්වය දැඩි ලෙස බලපානු ලබයි.

විටමින්?

අපෙන් බොහෝ අය විටමින් හෝ ඛණිජ අතිරේක ද ශක්ති සම්පන්න බව වඩවා ගැනීම සඳහා භාවිතා කරති. නමුත් මහන්සිය සහ විඩාපත් බව අඩු කර ගැනීමට මෙයින් සහනයක් සැලසෙනවාද? ඒ මේ අයුරිනි.

විටමින් D: විඩාව ඇති වීමට විටමින් ඩී බලපාන බව සොයාගෙන ඇත.

විටමින් B12: විටමින් බී 12 අඩුවීම ද විඩාව දැනීමට හේතුවකි. මේ තත්වය ෆෝලේට් ඇනීමියාව ලෙස ද හඳුන්වයි. නමුත් බොහෝ විට මෙය ඇතිවන්නේ බී 12 උරා ගැනීමට ශරීරයට තිබෙන නොහැකියාවක් සමග ය.

සින්ක්: වයස අවුරුදු 11-18 පසුවන්නන්ගේ ශරීරවල සින්ක් ප්‍රතිශතය අඩුවෙන් පැවතීම සාමාන්‍ය දෙයකි. මේ නිසා ද විඩාව ඇතිවිය හැකි නමුත්, පමණ ඉක්මවා සින්ක් ලබාගැනීම, රක්තහීනතාවය ඇති කිරීමට හේතුවකි.

විටමින් A: විටමින් ඒ ඌනතාවය විඩාව ඇතිවීමට හේතුවන බව පෙනී ගොස් ඇත්තේ කලාතුරකිනි.

හැමවිටම වෛද්‍ය උපදෙස් ගන්න.

අසාමාන්‍ය මහන්සියක් හෝ විඩාපත් ගතියක් දැනෙනවා නම් කළ යුතු පළමු දෙය වෛද්‍ය උපදෙස් ලබාගැනීමයි. එසේම පෝෂණ අතිරේක ගැනීම ද වෛද්‍ය උපදෙස් මත සිදුකිරීම යහපත් ය. එයට හේතුව ඇතැම් විටමින් සහ ඛණිජ වර්ග මෙන්ම යකඩ ද හිතුමතයේ ගැනීම, වෙනත් කායික ගැටළු ඇතිවීමට හේතු විය හැකි නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි