×

COVID තවමත් තර්ජනයක්, රජයන් ඊට සූදානම් විය යුතුයි – WHO

සටහන – නිපුනි ලියනගේ ජනවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): COVID අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව 2024 ජනවාරි 10 වන දින පැවති පළමු මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසයි. “COVID-19 තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවුවද, වෛරසය තවමත් සංසරණය වෙමින්, වෙනස් වෙමින්” පවතින බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානි […]


සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): COVID අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව 2024 ජනවාරි 10 වන දින පැවති පළමු මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පවසයි.

“COVID-19 තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවුවද, වෛරසය තවමත් සංසරණය වෙමින්, වෙනස් වෙමින්” පවතින බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානි ගෝලීය සෞඛ්‍ය ගැටලු පිළිබඳ මාධ්‍ය හමුවේදී පැවසීය.

2019 අගභාගයේදී චීනයේ වුහාන් හි වෛරසය ප්‍රථම වරට අනාවරණය වූ දින සිට වසර තුනකට වැඩි කාලයක් ගතවී තිබුණ කාලයක, 2023 මැයි මාසයේදී WHO විසින් COVID ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත උපුටා දක්වමින් JN.1 නම් නව ප්‍රභේදය ගැන කතා කළ අතර එය දැන් ලොව පුරා බහුලව වාර්තා වන බවද පෙන්වා දීය. බොහෝ දුරට යුරෝපයෙන් සහ ඇමරිකාවෙන්, පසුගිය මාසයේ සම්ප්‍රේෂණය වැඩි වූ බව ද පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි