×

මොළයට හොඳම ව්‍යායාමය නර්තනයයි.

එසේ පවසන්නේ ඇමරිකාවේ හාවඩ් සරසවියේ නවතම පර්යේෂණයකි.


පිළිවෙළකට සහ බැරෑරුම් ලෙස සිතට ගනිමින් නර්තනයේ යෙදීම මගින් ඔබේ චිත්ත ඒකාග්‍රතාවය ශරීරයේ චලනය වෙත යොමු වීම පුහුණු වන බවත්, මෙය මොළයට කදිම ව්‍යායාමයක් බවත් එහිදී පර්යේෂකයෝ පෙන්වා දෙති. 

ඒ නිසාම, රිද්මයානුකූල නර්තනය හෝ සංගීතයට අනුව සිදු කෙරෙන නර්තනය ඉතා වැදගත් ය. 
මෙවැනි නර්තනයක් සඳහා ඔබේ හවුල්කරු හෝ හවුල්කාරිය වන්නේ ඔබේ සහකරු හෝ සහකාරිය නම්, ඔබ වාසනාවන්තයෙකි. 

නමුත් කණ්ඩායම් නර්තන හෝ ආගන්තුකයන් නර්තනය සඳහා හවුල්කරුවන් කර ගැනීම නරක දෙයක් යැයි ද මෙයින් අදහස් නොවේ. මනුෂ්‍යයන් වශයෙන් බොහෝ දෙනා අමතක කරන කාරණයක් වන්නේ හෘදය වස්තුව මෙන්ම මොළය ද මාංශපේශියක් සේ කටයුතු කරන බවයි. 
එයට වැඩි වැඩියෙන් ව්‍යායාම ලැබෙන තරමට එය ‘අණට කීකරු‘ වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 

වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මෙහිදී සිදු වන්නේ මොළය සුසර වීමකි. එය නියත වශයෙන්ම ඔබේ කාර්යක්ෂමතාවය ඉහළ යාමට හේතු වේ. එහි අමතර වාසියක් ලෙස ඔබේ මනෝභාවයන් යහපත් වීම ද සිදු වේ. 

ආතතිය සහ කාංසාව ජීවිතයෙන් ඈත් කිරීම ද සිදු වේ. 

ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා (අමතක වීම) වැනි රෝග තත්වයන් අඩු කිරීමට ද මෙය හේතුවකි. එනම් ඒවා ඔබේ ජීවිතයෙන් ඈත් කිරීමට නර්තනය හේතුවකි.  නර්තනය එක්තරා අන්දමකින් ව්‍යායාමක් ද වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ වැඩිහිටියෙකු සතියකට දළ වශයෙන් විනාඩි 300 ක් එනම්, පැය 5 ක් පමණ ‘ගොරහැඬි නැති‘ යම්කිසි ව්‍යායාමයක අනිවාර්යයෙන් නිතර විය යුතු බව ය. 

එසේම සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් යම්කිසි ව්‍යායාමයක නිරත වේ නම් එය නිරෝගි බව පවත්වාගෙන යාමට රුකුලක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.  නමුත් සත්‍ය වශයෙන්ම බොහෝ අය මේ අවශ්‍යතාවය සපුරන්නේ නැත. 

එය මේ වන විට ගෝලීය වශයෙන් රැල්ලක් මෙන් තරබාරු කම සහ හෘද රෝග පැතිර යාමට හේතුවකි. 1975 වසරේ පටන් මේ දක්වා ලෝකයේ තරබාරු කම 3 ගුණයකින් වැඩි වී ඇත. 
2016 වසරේදී ලෝකයේ සිටි තරබාරු වැඩිහිටියන් ගණන මිලියන 650 කි!

මේ අතර ලොව පුරා මිලියන 264 ක් දෙනා යම්කිසි ආකාරයක කාංසාව සම්බන්ධ තත්වයකින් පීඩා විඳිති. 
ඉතින් මේ, නර්තන පංතිය වෙත නැවත යාමට වේලාවයි!
(මූලාශ්‍රය- ලෝක සෞඛ්‍ය සංවිධානය)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි