×

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන් වියදම් කිරීම සාධාරණ නොවේ ,,


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා වන එරට හිටයු අගමැති ඩේවිඩ් කැමරන් පසුගිය සතියේ මධ්‍යම ආසියාවේ දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42ක් වටිනා සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටියි.

මේ සම්බන්ධයෙන් Mirror වාර්තා කර තිබුණේ, විදේශ ලේකම්වරයා පසුගිය සතියේ ටජිකිස්තානය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මෙනිස්තානය, කසකස්තානය සහ මොංගෝලියාව යන රටවලට දින පහක සංචාරයක් සඳහා ඇති සුඛෝපබෝගී ජෙට් යානයක් වන Embraer Lineage 1000 භාවිතා කළ බවයි.

එම ජෙට් යානය ක්‍රියාත්මක කරන වරලත් සමාගමක් වන යුනියන් ඒවියේෂන්, එහි වෙබ් අඩවියේ සඳහන් වුයේ කැමරන් වෙනුවෙන් සෝමිලියර් වයින් තෝරා ගැනීමට උදව් කරන බවත්, එය මගීන්ට වඩාත් සුදුසු ආහාර මෙනුවක් සපයන බවත්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචනය කර තිබුණේ, ඩේවිඩ් කැමරන්ට සතියක් තුළ රටවල් කිහිපයකට ගමන් කිරීමේදී ගුවන් යානයක් කුලියට ගැනීමට අවශ්‍ය විය හැකි නමුත් එය වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන් වියදම් කිරීම සාධාරණ නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි