×

ඩේවිඩ් කැමරන් නැවතත් කරළියට

1970 දශකයෙන් පසු නැවත රජයට ඇතුළු වූ පළමු හිටපු අගමැති බවට ඩේවිඩ් කැමරන් පත් වේ


එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් නව කැබිනට් සංශෝධනයකින් අනතුරුව විදේශ ලේකම් ධූරයට පත් කර ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග සහ යුක්රේනයේ භයානක අභියෝග වලට රට මුහුණ දෙමින් සිටින අවස්ථාවක සිය අත්දැකීම් සුනාක් මහතාගේ රජයට ප්‍රයෝජනවත්වණු පිණිස නැවත පැමිණි බවයි කැමරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ,

විදේශ ලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව කැමරන් මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ සාකච්ජා කළ බවත්, ඔවුන් මැදපෙරදිග ගැටුම, ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය සහ ආධාර ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දීම සඳහා මානුෂීය විරාමයක අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව විදේශ කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

මෙත් සමඟ අගමැතිවරයා තම මන්ත්‍රීවරුන් අතර නව බෙදීම් ඇතිකර ඇති අතර මෙත් සමඟ 1970 දශකයෙන් පසු නැවත රජයට ඇතුළු වූ පළමු හිටපු අගමැති බවට ඩේවිඩ් කැමරන් පත්ව ඇති බවයි වාර්තා වන්නේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි