×

එක්සත් ජනපද ඉතිහාසයේ මුල්වරට අපරාධ නඩුවකට පෙනීසිටි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වේ

ඒ අනුව,එක්සත් ජනපද ජනාධිපතිවරයකු අපරාධ නඩුවකට මුහුණ දුන් මුල්ම අවස්ථාව මෙය වේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද(15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනිණි.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සහ කැරන් මැක්ඩොගල් වෙනුවෙන් කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම අපරාධ නඩුවක් විභාගයට ගැනිණි.

හිටපු ජනාධිපතිවරයා වරද පිළිනොගෙන ඇති අතර 77 හැවිරිදි ට්‍රම්ප් මහතා වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති අතර බොහෝවිට සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකි බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

මෙම නඩු විභාගය සති හයේ සිට අට දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුළු අපරාධ 34 ක් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව මෙහිදී චෝදනා එල්ල වේ. තීන්දුවකට එළැඹීමට නම් නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් මහතා වැරදිකරුද නැද්ද යන්න පිළිබඳව ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි