×

තිරිහන් වෙන්න – රත්තරන් බොන්න!?

වයසට නොයා සිටීම එදා මෙදා තුර මිනිස් ඉතිහාසයේ සෑම යුගයකදීම දැවෙන ප‍්‍රශ්නයකි. වයසට නොයා සිටීන්නට මිනිසා විසින් ගත සෑම උත්සාහයක්ම පාහේ ව්‍යවර්ථ වීම තවත් ප‍්‍රශ්නයකි.


විශේෂයෙන්ම සෑම කල්හිම කාන්තාවන් බෙහෝ විට සිය අලංකාරය රුක ගන්නට රූප සෝබාව වැඩ දියුණු කර ගන්නට නොගන්නා උත්සාහයක් නැත. අද මෙන්ම එදාද රූප සෝබාව වැඩි කර ගන්නට ගොස් ජීවිත වලින් වන්දි ගෙවූවන් සිටී. අද වන විට නානා අයුරේ ආලේපන , එන්නත් පමණක් නොවේ නානා විධියේ සැත්කම්ද තරමක් හෝ වයසට යෑමේ ලක්ෂණ පමණනක් පමා කරන්නට හැකිව තිබේ. Drinking Gold 

නමුත් 16 වන ශතවර්ශයේදී රත‍්‍රන් පානය කිරීම වයසට නොයා සිටීමේ ආශාව තිබූ සියල්ලන්ගේ භයානකම අත්හදා බැලීමක් විය. සැබවින්ම ඔවුන් වයස් ගත නොවී සිටින්නටැයි සිතා මරණයට අත වැනූහ.

How many of these members of the French nobility drank gold to preserve their youth? PUBLIC DOMAIN

How many of these members of the French nobility drank gold to preserve their youth? PUBLIC DOMAIN

16 වන සිය වසයේ ප‍්‍රංශ අධිකරණයේ සාමාජිකයෙක් වූ ඩයෑන් දි පොයිටියස් රත්රන් ක්ලෝරයිඩ් දිනපතා සාමාන්‍ය පානයක් ලෙස පානය කළාය. පොයිටියර්ස් ඈ කිසි දිනෙකත් ඔටුන්නක්නොපැළැන්දාය නමුත් දෙවන හෙන්රි රජුගේ රාජ සභාව වසඟ නර ගැනීම ඈට අපහසු කාර්යයක් නොවීය. සැබවින්ම හෙන්රි රජු ඇගේ පෙම්වතා විය. හෙන්රි රජු ඈ හැදින් වූයේ ‘නුවණැති පුනරුද ගැහැණිය‘ නමිනි. ඇගේ සැබෑ රාජකාරිය වූයේ රාජකීය පවුලේ කලා උපදේශිකාව හා රාජකීය පවුලේ අධ්‍යාපන උපදේශිකාව ලෙසසි. සියලුම රාජකීයයන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙයවීම ඇයට භාරවී තිබිණි. නමුත් එතරම් දක්ෂ ඇය වැඩි කල් යන්නට පෙර මරණය වැළඳ ගත්තාය.

A portrait of Diane de Poitiers, who likely died from the effects of drinking gold. PUBLIC DOMAIN

A portrait of Diane de Poitiers, who likely died from the effects of drinking gold. PUBLIC DOMAIN

දිනපතා රත්රන් පානයකිරීමට හුරු වී සිටි ඈ වයසින් කෙතරම් ඉහළට ගියද ඉතා තරුණ පෙනුමින් යුක්තව සිටි බව ඈ ගැන සදහන් කරන බෙහෝ සාක්ෂි පවසයි. ප‍්‍රංශ ඉතිහාසඥයෙක් වන බ‍්‍රැන්ටෝම් වරක් පොයිටියර්ස් ගැන ලියමින් මෙසේ පැවසීය.

‘‘රත‍්‍රන් පානයේ විපාක නොදැන දිනපතා අලංකාර රූ පසුවක් වෙනුවෙන් රත‍්‍රන් පානය කළමේ ගැහැණිය තව වසර 100ක් ජීවත් වුණානම් ඇගේ මුහුණ හෝ ඇගේ පෙනුම වයසට නොයනු ඇත.‘‘

රත‍්‍රන් පානය එදා සිටියවුන්ගේ මොස්තරය විය. අඩු වයස්ගතපෙනුම සදහා පමණක් නොව මුහුණේ කැළැල් සහ තුවාලද ඉන් සමනය වන බව ඔවුහු විශ්වාස කළහ. චින ජාතික රස විද්‍යාඥයෙක් වූ තුන්වන ශතවර්ෂයේ ජීවත් වූ වෙයි බෝයැං රත්රන් පානය කිරීම පිළබදව පැවසුවේ රත‍්‍රන් පානයෙන් මිනිසුන්ට අමරණීය විය හැකි බවයි රත‍්‍රන් පානය කරන්නේ කවුරුන්ද ඔහුට දීර්ඝායුෂ ලැබෙන බව ඔහු පවසා ඇත.

අතීත ඊජිප්තු ජාතිකයන්ද වයසට නොයා සිටින්නට ඖෂධයක් ලෙෂ රත‍්‍රන් පානය කළහ. මෙයට හේතුව ලෙස ඔවුන්ගේඅදහස වූයේ රත‍්‍රන් දිරා පත් නොවීමයි.

‘බොරු වෙදකම‘ නැමති කෘතිය ලියූ ලින්ඩා කැන්ග් සහ නේට් පැඩර්සන් පවසන්නේ මධ්‍යතන යුගයේ ජීවත් වූවන්ද රත‍්‍රන් පානය පිළිබද ඉමහත් උනන්දුවක් දැක් වූ බවයි. අතීත විද්‍යාඥයන් ඝන රත‍්‍රන් බීමට සුදුසු ලෙස දියර බවට හැරවීමට හැකි බව සොයා ගත් පසු ඒ පිළිබදව අවධානය ක‍්‍රමයෙන් වැඩිවිය. 16 වන සිය වසයේදී බීමට සුදුසු රත‍්‍රන් ගැන වැඩි කථාබහක්ඇති වූවා මෙන්ම අපස්මාරයේ සිට උන්මාදය දක්වා සියලු ලෙඩ රෝගවලට පිළියම රත‍්‍රන් බව ප‍්‍රචාරය වන්නට පටන් ගත්තේය.

ඉතා කෙටි කාලයක් ජීවත් වූ 1578 සිටි පෘතුගීසි ජාතික විසි  පළමු ජුවාන් පාප් වහන්සේ තරුණ බව රැකගත හැකි රත‍්‍රන් වට්ටෝරු කිහිපයක් පිළිබඳවම සිය රචනාවල ඇතුලත් කර තිබේ. ඉන් එකක් වූයේ රත්රන් නොඉඳුල් දරුවන්ගේ මුත‍්‍ර සමග මිශ‍්‍ර කර පළමු දවසේ පානය කිරීම, දෙවනුව වයිට් වයින්, මහදුරු ඇට, බිත්තර සුදුමදය මවු කිරි වලදිය කර පානය කිරීම ආදී ලෙසදවස් 6ක් යන තුරු එම පානය නොකඩවා ගැනීම ඔහුගේ රත‍්‍රන් පාන වට්ටෝරු වලින් එකකි.

ලස්සන වීම පමණක්ම නොව මිනිසුන් මරා දැමීමටද රත‍්‍රන් පානය භාවිතකළ අවස්ථා ඉතිහාසයේ ඇත. ඒ ස්පාඤ්ඤ ඉතිහාසයේය. නමුත් වයසට නොයා සිටීමට රත‍්‍රන් පානය කිරීමේ විවිධ අත්හදා බැලීම් නතර කර දමන්නට හා එහි අවදානම පිළිබද දෙවරක් සිතන්නට පටන් ගත්තේ බෙහෝ කල් ගත වූ පසුය.

පොයිටියර්ස් රත‍්‍රන් දිනපතා පානය කළ ප‍්‍රංශ සුරූපිනිය 1566 දී මිය ගියාය නමුත් අවුරුදු සිය ගණනකට පසුත් ඇගේ සිරුර දිරා පත් නොවිණ. ප‍්‍රංශ විප්ලවයේදී ඇගේ සෙහොන කැඩී බිදී විනාශ වී ගොස් තිබු අතර ඇගේ සිරුරේ කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් සොයා ගනු ලැබුවේ ඇගේ මරණයට හේතුව දිගුකාලයක් අඛණ්ඩව රත‍්‍රන් පානයකිරීම බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි