×

නෙදර්ලන්තයේ ලන්දේසි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය යුරෝපය තැති ගන්වයි

ඔහුගේ ජයග්‍රහණය නෙදර්ලන්ත දේශපාලනය දෙදරා ගොස් ඇති අතර එය යුරෝපය පුරා ද කම්පනයක් ඇති කරනු ඇත.


ලන්දේසි ට්‍රම්ප් හෙවත් Geert Wilders ගේ අන්ත දක්ෂිනාංශික ඉස්ලාම් විරෝධී නිදහස් පක්ෂය (PVV) බදාදා(22) පැවති මැතිවරණයෙන් වැඩි ආසන 37ක් ලබා ජයග්‍රහණය කිරීමත් සමඟ නෙදර්ලන්ත මුස්ලිම්වරුන් කම්පනයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ජයග්‍රහණය නෙදර්ලන්ත දේශපාලනය දෙදරා ගොස් ඇති අතර එය යුරෝපය පුරා ද කම්පනයක් ඇති කරනු ඇත.

Geert Wilders සිය මැතිවරණ ප්‍රචාරණයන් තුළ, ඉස්ලාමය ඉලක්ක කරගනිමින් එය පසුගාමී සංස්කෘතියක් සහ පසුගාමී ආගමක් පිලිබඳ ෆැසිස්ට් මතවාදයක් ලෙස විස්තර කරයි. මේ හේතුවෙන් 2004 වසරේ සිට ඔහු පොලිස් ආරක්ෂාව යටතේ සිටි අතර 2016 දී මැතිවරණ ප්‍රචාරක රැලියකදී මොරොක්කෝ ජාතිකයන්ට අපහස කිරීමක් හේතුවෙන් ජාතීන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් වරදකරු විය.

ඔහුගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මුස්ලිම් පල්ලි, කුරානය සහ රජයේ ගොඩනැගිලිවල ඉස්ලාමීය හිස් වැසුම් තහනම් කිරීම ඇතුළත් වන අතර Geert Wilders ගේ ජයග්‍රහණයත් සමඟ නෙදර්ලන්තයේ ස්ලාම් ආගමේ සහ මුස්ලිම්වරුන්ගේ අනාගතය පිළිබඳව අපට විශාල කනස්සල්ලක් ඇති බවයි මුස්ලිම් රටවල් සඳහන් කර තිබුණේ,

Geert Wilderත් සංක්‍රමණ සහ සරණාගත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන සිටින අතර එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Make America Great Again හෝ ඉතාලි අගමැති Giorgia Meloni ගේ “ඉතාලිය සහ ඉතාලියානුවන් පළමුව!” ආදර්ශ පාඨ මෙන්ම Geert Wilders වසන්නේ “නෙදර්ලන්තය ලන්දේසීන්ට ආපසු ලබා දෙන්න” යනුවෙනි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි