×

මානසික සෞඛ්‍ය කෙරෙහි බලපාන ආහාර ගැනීමේ අක්‍රමිකතා!

සටහන – නිපුනි ලියනගේ පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආහාර ගැනීමේ අක්‍රමිකතා වඩාත් මාරාන්තික මානසික සෞඛ්‍ය තත්වයන් කෙරෙහි බලපෑමක් ඇති කරයි. එක්සත් ජනපදයේ කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට වයස අවුරුදු 40 වන විට ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් ඇති වන අතර, ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පුද්ගලයින් 2 දෙනෙකුගෙන් එක් අයෙකු තම […]


සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ආහාර ගැනීමේ අක්‍රමිකතා වඩාත් මාරාන්තික මානසික සෞඛ්‍ය තත්වයන් කෙරෙහි බලපෑමක් ඇති කරයි.

එක්සත් ජනපදයේ කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට වයස අවුරුදු 40 වන විට ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් ඇති වන අතර, ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පුද්ගලයින් 2 දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතය අවසන් කර ගැනීම පිළිබඳව පවා සිතනු ඇත.

ඇත්ත වශයෙන්ම, ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් නොමැති අය හා සසඳන විට ඕනෑම ආකාරයක ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති අය අතර සියදිවි නසාගැනීම්, සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීම් යන සියල්ලම ඔවුන් තුළ බහුලව දක්නට ලැබේ.

ඔබේ හිසකෙස්, මුහුණ, අත්, බඩ, පපුව සහ කකුල් ගැන සිතන්න. මතකයට එන වචන සහ හැඟීම් මොනවාද? ඔබ වෙනස් කිරීමට කැමති දේවල් තිබේද? මේ සියල්ල පිළිබඳව ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති ඕනෑම අයෙක් නිවැරදිව සිතා බලා තමා ගැන වග බලාගැනීමට කටයුතු කිරීම මඟින් මෙවැනි පීඩනකාරී හැඟීම් වළක්වා ගැනීමට ඔබට/අපට හැකි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි