×

ලොව දෙවන ධනවත්ම පුද්ගලයාගේ වේදනාකාරීම මිලදී ගැනීම

මේ වන විට ප්‍රකෝටිපති එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ නිවැරදි පුද්ගලයා පැමිණියහොත් සමාගම විකුණා දමන්නට තමා සූදානම් බවයි.


ප්‍රකෝටිපති එලෝන් මස්ක් BBC මඟින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡානකදී පවසා තිබුණේ Twitter සමාජ මාධ්‍ය මිලදී ගැනීම තමා කරන ලද විශාලතම වේදනාකාරී මිලදී ගැනීම බවයි.

එලෝන් මස්ක් පසුගිය ඔක්තෝබර් මාසයේදී ට්විටර් ඩොලර් බිලියන 44 කට (පවුම් බිලියන 35.4) මිලදී ගනු ලැබූ අතර එතැන් පටන් තාක්ෂණික ලොව තුල පුවත් මවන්නට ඔහු සමත් විය.

මෙහිදී Twitter සමාගම මිලදී ගැනිමත් සමග එහි සේවය කළ Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett වැනි විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලුව සේවකයන් විශාල පිරිසකගේ රැකියාවන් කප්පාදු කරනු ලැබීය.

මීට අමතරව මුදලට Twitter Verification ලබා දීමට Twitter සමාගම සුදානම් බවට නිවේදනය කිරීමත් සමග ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් Twitter හැර යාමේ ප්‍රවණතාවක් ද ඇති විය. කෙසේ වෙතත් මෙලෙස Twitter සමාජ මාධ්‍ය සහ Twitter සමාගම සදහා ඔහු විසින් සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව බොහෝ පාර්ශවයන් තුලින් විවේචන එල්ල විය.

මේ වන විට ප්‍රකෝටිපති එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ නිවැරදි පුද්ගලයා පැමිණියහොත් සමාගම විකුණා දමන්නට තමා සූදානම් බවයි.

ෆෝබ්ස් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව එලොන් මස්ක්ගේ පුද්ගලික වත්කම ඩොලර් බිලියන 190 කට ආසන්න යැයි ගණන් බලා ඇති අතර, ඔහු ලොව දෙවන ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි