×

යුක්‍රේනය සමඟ යුරෝපා සංගම් සාමාජික සාකච්ඡා ඇරඹේ

යුක්රේනය යුරෝපා සංගමය සමඟ සාකච්ජා ඇරඹීමට අවශ්‍ය කොන්දේසි හතෙන් තුනක් තවමත් සපුරා නොමැත.


යුක්‍රේනය සමඟ යුරෝපා සංගම් සාමාජික සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපීය නායකයින් එකඟ වී ඇති බව යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්, සිය සමාජ මාධ්‍ය ගිණුම වන Xහි ඊයේ(14) සඳහන් කර තිබේ.

මිට ප්‍රතිචාර වශයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, මෙය ජයග්‍රහණයක් බවත්, යුක්රේනයේ මෙම ජයග්‍රහණය මුළු යුරෝපයේම ජයග්‍රහණයක් වන බවයි.

යුක්රේනය දශකයකට වැඩි කාලයක් යුරෝපා සංගමයට බැඳීමට අපේක්ෂාවෙන් සිටිය අතර චාල්ස් මයිකල්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වන්නේ මෙමඟින් යුරෝපා රටවල් යුක්රේනයට සහය දැක්වීමට ඇති උනන්දුව අඩුව නොමැති බවට පණිවුඩයක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත යැවෙන බවයි.

යුරෝපා සංගමය හා එක්වීමට, රාජ්‍යයක් විසින් කෝපන්හේගන් නිර්ණායක ලෙස හැඳින්වෙන ආර්ථික හා දේශපාලන අවශ්‍යතා සපුරාලිය යුතු අතර, අපේක්ෂක රාජ්‍යයකට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සහ නිදහස් වෙළඳපල ආර්ථිකයක් සහ ඊට අනුරූප නිදහස සහ ආයතන සහ නීතියේ පාලනය සඳහා ගෞරවය තිබිය යුතු වීම වැනි කරුණු සැපිරීම අනිවාර්ය වන අතර දැනට ආක්‍රමණයට ලක්ව ඇති සහ යුධමය තත්ත්වයක සිටින රටක් මේ සියල්ල සපුරන්නේ කෙසේද යන්න ගටලුකාරිය.

යුක්‍රේනය සමඟ යුරෝපා සංගම් සාමාජික සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳව හංගේරියානු අගමැති වික්ටර් ඔබාන් සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ, යුක්රේනය යුරෝපා සංගමය සමඟ සාකච්ජා ඇරඹීමට අවශ්‍ය කොන්දේසි හතෙන් තුනක් තවමත් සපුරා නොමැති හෙයින් යුක්‍රේනය සඳහා යුරෝපා සංගම් සාමාජිකත්වය සාකච්ඡා කිරීමට වර්තමාන හේතුවක් නොමැති බවත්, අනෙක් රටවල් 26ත් එම තීරණය ගත යුතු බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි