×

ඒ ඔහු නොවේ! – වෙස් මූණු බැඳන් නැටුව ඇමති – කොටුවුණු තාලේ

ප්‍රංශයේ ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සිලිකන් වෙස් මූණක් දාගත් ව්‍යාජ ඇමතිවරයෙක් රංගනයේ යෙදී තිබූ අතර, දැන් ඔහුට අච්චු කර තිබේ.


සිලිකන් වෙස් මුණක් දමාගෙන ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රංගනයේ නිරත වූ මේ පුද්ගලයා සැබෑම ‘කොන් ආටිස්ට්‘ කෙනෙක් යැයි කෙනෙකුට පවසන්නට පුළුවන. නමුත් අවසානයේ වෙස් මූණු බැඳන් නැටුව ඇමතිට වැඩේ වැරදුණේය.

ඒ ගැන මුලින්ම වාර්තා වුණේ 2015 වසරේ අග භාගයේදී ය. එතැන් පටන් පුරා වසර 2 ක කාලයක් ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා ගැන අමුතු පුවත් පළ වන්නට විය. ආරක්ෂක ඇමති ජීන්-යූව්ස් ලෙ ඩ්රියන් Jean-Yves Le Drian මැදපෙරදිග ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටින මාධ්‍ය වේදීන්ගේ ජීවිත ගළවා ගැනීමට යැයි කියමින් ධනවතුන්ගෙන් මුදල් ආධාර ඉල්ලා තිබිණි. සුප්‍රසිද්ධ වයින් කම්හල් හිමිකරුවන් ඇතුළු ධනපතීන්ගෙන් ආරක්ෂක අමාත්‍යවරයා පවුම් මිලියන 80 ක් මේ අන්දමින් එක්රැස් කර ගත් බව කියැවිණි.

නමුත් අවසානයේ බලන විට ඒ ඔහු නොවේ. ඔහු මෙන් මුහුණක් ඇති, එවැනි මුහුණක් ලබාගැනීමට සිලිකන් වෙස් මූණක් පැළඳගත් නළුවෙකි!

ව්‍යාජ ආරක්ෂක ඇමති ට මේ අන්දමින් පුද්ගලිකව ධනවතුන්ගෙන් මුදල් පරිත්‍යාග පැතීමට හොඳ හේතුවක් ද තිබිණි. එනම්, ප්‍රංශය නිල වශයෙන් රැන්සම් මනි හෙවත් කප්පම් මුදල් ගෙවීම සිදු කරන්නේ නැත. එනම් කප්පම් මුදල් ගෙවීම ප්‍රංශ නීතිය අනුව නීතිවිරෝධී ය. ඒ නිසා ඔහු පරිත්‍යාගශීලීන්ට කියා තිබුණේ එය හසු නොවීම සඳහා එම මුදල් චීනයේ බැංකුව ක තැන්පත් කරන ලෙස ය.

මෑත කාලීන ලෝක ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වූ ඉහළ පෙළේ රැවටීමක් ලෙස මේ සිදුවීම දැන් ඉතිහාසයට එක්ව තිබෙන්නේ මේ වංචාවේ සුලමුල අධිකරණය ඉදිරියේ දිග හැරීමත් සමගිනි.

ඔහුවම තෝරාගත්තේ ඇයි?

ප්‍රංශයේ සැබෑ ආරක්ෂක අමාත්‍යවරයාගේ නීතීඥවරයා වන ඩෙල්ෆින් මීලට් මේ වන විට ප්‍රංශයේ විදේශ අමාත්‍යවරයා ය. ඔහු මෙසේ කියයි. ‘‘මේ කතාව හරිම අසාමාන්‍යයයි. ඔවුන් ආරක්ෂක අමාත්‍යවරයාගේ අනන්‍යතාවය සොරකම් කරනවා. ඉන්පසු ඔවුන් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ට සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කතා කරනවා. තමන්ගේ අවශ්‍යතාවය දැනුම් දෙනවා“

නමුත් මේ රංගනය සඳහා ආරක්ෂක ඇමතිවරයාගේ මුහුණම තෝරාගත්තේ ඇයි ද යන්න තවම හෙළි වී නැත. නමුත් ඔහු කප්පම් පිණිස සිදුකරන පුද්ගල පැහැර ගැනීම් සහ පුද්ගලයන් විදෙස් රටවල ප්‍රාණ ඇපයට ගැනීම් සම්බන්ධයෙන් මැදිහත් වීම් කළ අයෙක් ලෙසට ඉතිහාසයකින් යුක්ත ය. සිලිකන් වෙස්මූණු නළුවා මුදල් කොල්ලයට බැස තිබෙන්නේ මේ සියල්ලම සීරුවෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ය.

French Defence Minister Jean-Yves Le Drian (R) embraces Serge Lazarevic (L), France's last remaining hostage after landing at the Villacoublay military base near Paris, France on December 10, 2014. GETTY IMAGES
සැබෑ ආරක්ෂක ඇමති Yves Le Drian (දකුණේ) කප්පම් සඳහා පුද්ගලයන් පැහැර ගැනීම සම්බන්ධයෙන් විවිධ මැදිහත් වීම් කළඅයෙකි. මේ, මාලි රාජ්‍යෙය්දී ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්වූ ප්‍රංශ ජාතිකයෙකු ඔහු විසින් 2014 වසරෙදී පිළිගත් ආකාරයයි.
GETTY IMAGES

සිලිකන් වෙස්මූණු නළුවා කවුද?

මේ වන විට මේ සිදුවීම අධිකරණය ඉදිරියේ පවතින අතර, මේ සිද්ධියේ සැකකරුවා බවට පත්ව තිබෙන්නේ ප්‍රංශ – ඊශ්‍රායල් සම්භවයක් සහිත ගිල්බට් චික්ලි Gilbert Chikli නමැත්තෙකි. ඔහු ටියුනීසියානු යුදෙව් පසුබිමක් සහිත අයෙක් බව ද හඳුනාගෙන තිබේ.

යුක්රේනයෙන් උදර්පණය කළ ඔහු මේ වන විට පැරිසියේ සිරගෙයක වෙසෙයි. සංවිධානාත්මක වංචා සහ අනන්‍යතා සොරකම පිළිබඳ චෝදනා ඔහුට නගා ඇත. ‘අයිඩෙන්ටිටි තෙෆ්ට්‘ හෙවත් අනන්‍යතා සොරකම, නූතන ලෝකය මුහුණ දෙන වඩාත් බරපතළ සහ සංකීර්ණ අපරාධයක් වශයෙන් මේ වනවිට හඳුනාගෙන තිබේ.

Presentational grey line
වරක් කොළොම්බියා සරසවිය විසින් ඇමරිකානු ජනපති බරාක් ඔබාමාගේ තොල්වල චලනයන් මෘදුකාංගයක් ඔස්සේ අධ්‍යයනය කිිරීම මගින් සැබෑ ඔබාමා මෙන් රූපරාමුවල දිස්වන ආකෘතියක් සාදා තිබිණි.
Presentational grey line

චික්ලි, ලෝක හොරෙකි. ඔහුට මෙවැනි දේ ගැන ඉතිහාසයක් තිබේ. 2015 වසරේදී ප්‍රංශයේ සමාගම් කිහිපයක ප්‍රධාන විධායකයා ලෙස පෙනී සිටිමින් ඔහු මුදල් වංචාවන්ගේ නිරත වී තිබේ.

මේ වන විට හෙළිවී ඇති කරුණු අනුව චික්ලි, ප්‍රංශයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් ටයිගර් වර්ගයේ හෙලිකොප්ටර ඇණවුමක් සඳහා යූරෝ මිලියන ගණනක් ගෙවන ලෙසට ටියුනීසියානු රජයට ලිපියක් යවා ඇත. අමාත්‍යවරයා විසින් අත්සන් කර ඇති බව පෙනුණු මෙම ගිවිසුම් ලියවිල්ල ව්‍යාජ එකක් බව අවසාන මොහොතේ හෙළි විය. සැබවින්ම ටියුනීසියාව එවැනි හෙලිකොප්ටර ඇණවුමක් ප්‍රංශයට ලබා දී තිබුණේ නැත!

Gilbert Chikli listens to the verdict of the Court of Appeal, on September 26, 2017 in Kiev AFP
චූදිත Gilbert Chikli 2017 වසරේදී යුක්රේන අධිකරණයේ –
AFP

එය වැරදී යාමෙන් පසු චික්ලි කළේ ‘ප්‍රංශයේ මිතුරන්‘ යනුවෙන් කෝටිපති ව්‍යාපාරිකයන් පමණක් නොව අප්‍රිකානු ආණ්ඩුවල ප්‍රධානීන් සහ දේවස්ථාන නායකයන් පවා අමතමින් කප්පම් මුදල් ගෙවා මාධ්‍ය වේදීන් නිදහස් කර ගැනීම සඳහා උපකාර ඉල්ලා සිටීමයි. එයට අමතරව
Aids foundation, Sidaction වැනි පුණ්‍ය අරමුදල්වලින් ද ඔහු විසින් මුදල් ඉල්ලා තිබේ.

මෙම සංවිධානාත්මක අපරාධයේ නිරත වීම සඳහා චික්ලිට කණ්ඩායමක සහාය ලැබී ඇති අතර, බොහෝ දුරට වැඩ කටයුතු සිදු කෙරී තිබෙන්නේ දුරකථනය ඇමතුම් හරහා ය. එහිදී චික්ලි බොහෝ දුරට අමාත්‍යවරයාගේ හඬ අනුකරණය කර තිබේ. අනතුරුව පැන නැගී ඇති ප්‍රශ්නය වූයේ අමාත්‍යවරයාගේ මුහුණට සමාන මුහුණක් සකසා ගැනීමයි. ස්කයිප් මීටින්ස් තැබීමට සිදුවන අවස්ථා බහුල වූ නිසා මෙසේ කිරීම අත්‍යාවශ්‍ය වී තිබේ. එහිදී සිලිකන් වෙස් මූණක් සකස් කර ගන්නා චික්ලි, ආරක්ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයට හැම අතින්ම පාහේ සමාන කාර්යාලයක් ද (මේක්ෂිෆ්ට් ඔෆිස්) නිර්මාණය කර ගෙන තිබේ.

Image of the fake Le Drian
Victims of the scam were taken in by the fake office as well as the mask

බොහෝ අවස්ථාවලදී අන්තර්ජාල සබඳතාවය දුර්වල බව පවසමින් මෙවැනි හමුවීම් කෙටි කාලයකට සීමා කර ගැනීමට ද ඔවුන් උපායශීලී වී තිබේ.

අවසානයේ මේ අන්දමින් පවුම් මිලියන 80 කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගැනීමට ඔහුට හැකි වූ අතර, එයින් හරි අඩක්ම පරිත්‍යාග කර තිබෙන්නේ තුර්කි ව්‍යාපාරිකයෙක් විසින් බව කියැවේ. ‘‘ආරක්ෂක ඇමතිවරයා කතා කරල රට වෙනුවෙන් උදව්කරන්න කිව්වාම කවුද දෙපාරක් හිතන්නෙ..“ මේ මෙම ස්කෑමය මගින් පරිත්‍යාගශීලීන්ට ලබා දී තිබූ පොදු හැඟීමයි.

කෙසේ නමුත් සෙනගාල් ජනාධිපති මැකී සෝල් ට ද ව්‍යාජ ආරක්ෂක ඇමතිවරයා මේ අන්දමින් දුරකථන ඇමතුම් ලබා දී ඇති අතර, ඔහුට නම් එහිදී අමුත්තක් දැනී තිබේ.

French President Emmanuel Macron (L) welcomes his Senegalese counterpart Macky Sall (R) before a meeting at the Elysee Palace in Paris on May 15, 2018
2018 වසරේදී ප්‍රංශ ජනපති හමුවූ සෙනගල් නායකයා. ඔහුට ආරක්ෂක ඇමතිගේ ක්‍රියාකලාපයේ වෙනසක් දැනී තිබිණි. ඔහු සිලිකන් නළුවාගේ රංගනයට රැවටුණේ නැත.

එයට හේතු වී තිබුණේ ව්‍යාජ ආරක්ෂක ඇමති සිය මිතුරාව ඇමතීමේදී යොදාගෙන තිබූ ප්‍රංශ වදනකි. ආචාරශීලී ලෙස සිලිකන් නළුවා  vous යැයි අමතා තිබූ නමුත්, කලෙක පටන් හොඳ මිතුරන් වන සෙනගල් නායකයා සහ සැබෑ ආරක්ෂක ඇමතිවරයා එකිනෙකාව හමු වූ විට ආමන්ත්‍රණය කර ගෙන තිබෙන්නේ එයට වඩා වෙනස් tu යන වදනෙන් වීම එයට හේතුවයි.

චික්ලිට වැඩ වැරදුණු හැටි

වෙස්මූණු නළුවා වුණු චිල්කිට වැඩ වැරදෙන්නට පටන් ගත්තේ 2017 අගෝස්තුවේ යුක්රේනයට සංචාරයක යෙදුණු නිසා ය. ප්‍රංශයේ ඉල්ලීම මත එහිදී ඔහු ව අත්අඩංගුවට ගැනුණු විට ඔහු කීවේ සුප්‍රසිද්ධ රාබිවරයෙකුගේ සොහොන බැලීමට පැමිණි බවකි. නමුත් ඔහුගේ ජංගම දුරකථනය සාක්ෂි කීවේ ඔහු පැමිණ තිබෙන්නේ සිලිකන් වෙස් මූණක් මිලදී ගැනීමට බවට ය.

යුක්රේනයේ සිරබත් කන අතරවාරයේදී යහමින් මුදල් තිබූ නිසාදෝ චික්ලි සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබේ. ඔහු ගාඩ්වරුන් ලවා තමන්ටම කියා ශීතකරණයක් ගෙන්වා ගත්තේය. එහි බදින ලද මස්තීරු සහ වොඩ්කා නිතර තබාගත්තේය. ඒවායෙන් සප්පායම් වී සමාජජාලා වීඩියෝ පෝස්ට් කරමින් උදම් ඇනුවේය.

අවසානයේ සිරෙන් නිදහස් වූ විට යුක්රේනය, ප්‍රංශයේ ඉල්ලීම මත ඔහුව ප්‍රංශයට උදර්පණය කළේය.

ඉන්පසු මේ වසරේ මුල භාගයේ, චික්ලි ප්‍රංශයේ සිර මැදිරියක කල් ගත කරන අතරවාරයේ මෙම නාටකය අලුත් මුහුණුවරකින් කරළියට ආවේය. චික්ලි ගිය පාරේ යමින් තවත් අය මේ උත්සාහය දරා තිබූ අතර, ප්‍රංශයේ මිතුරන්ගෙන් මුදල් ඉල්ලන ආරක්ෂක ඇමතිවරයා ගැන නැවතත් පුවත් මැවුණේය.

මේ වන විට අලුත්ම සිදුවීම් සම්බන්ධයෙන් වෙනත් ප්‍රංශුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දුරකථන ඇමතුම් දැනට නැවතී තිබේ.

නමුත් අලුත් ප්‍රශ්න ද නිර්මාණය වී තිබේ.

චික්ලි විසින් තමන් වැනිම ගෝල බාල පරම්පරාවක් සාදා තිබේද? ඔවුන් විසින් මේ ලෝකය තවදුරටත් රවටමින් තිබෙන්නේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි