×

‘සාගතයක් ඇතිවෙමින් තිබේ’ – ගාසා තීරයේ ආහාර ආධාර අවහිර නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කරයි

හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රයලයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස විනිසුරුවරු මෙහිදී ඉල්ලා තිබේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිලියන 2.3 ජනතාවක් සාගින්නෙන් පෙළෙන ගාසා තීරයට බාධාවකින් තොරව ආහාර ආධාරවලට ප්‍රවේශ වීමට අවසර දෙන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාව විසින් ඊශ්‍රායලය පලස්තීන භූමිය තුළ ජන සංහාරයක් සිදු කරන බවට ජාත්‍යන්තර අධිකරණයට කරන ලද පැමිණිල්ලක් විභාග කරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරු මඩුල්ල මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර හමාස් විසින් රඳවාගෙන සිටින ඊශ්‍රයලයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස විනිසුරුවරු මෙහිදී ඉල්ලා තිබේ.

ඒ අනුව, ගාසා තිරයේ සාගතයක් ආරම්භ වෙමින් පවතින බවත් ප්‍රමාදයකින් තොරව ආහාර, ජලය, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම්, හදිසි අවශ්‍ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර ගාසා තිරය වෙත යොමු කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කර නොමැති අතර ඊශ්‍රායලය පවසන්නේ තම හමාස් සතුරන්ගේ ප්‍රයෝජනය සඳහා කිසිදු භාණ්ඩයක් භාවිතා කළ නොහැකි බවට වග බලා ගැනීම සඳහා සෑම නැව්ගත කිරීමක්ම පරීක්ෂා කළ යුතු බවයි. ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් ඇති ඊජිප්තුවේ සිට ගමන් කරන ට්‍රක් රථ පවා ඊශ්‍රායල හමුදා විසින් පරීක්ෂා කරනු ලැබේ.

එක්සත් ජනපදය සහ අනෙකුත් ජාත්‍යන්තර නිලධාරීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, මෙය බොහෝ විට මන්දගාමී සහ බොහෝ විට අත්තනෝමතික පරීක්ෂණ ක්‍රියාවලිය විවේචනය කර ඇති අතර ට්‍රක් රථ වලට අනුමැතිය ලබා ගැනීමට සති ගණන් බලා සිටීමට සිදුවන ප්‍රායෝගිකව ආධාර අවහිර කරන බවට චෝදනා කර තිබේ.

කෙසේ නමුත් මෙම චෝදනාවන් ඊශ්‍රයලය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ, තම හමුදා මෙහෙයුම ආත්මාරක්ෂාව සඳහා වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි