×

ලෝක විනාශයෙන් බේරෙන්නට සුපිරි බලවතුන් වෙනුවෙන් ඉදිවන බංකර් මාළිගා.

අද තත්ත්වය එදාට වෙනස්. ලෝකය කොයි මෙහෝතේ කොහොම විනාශ වේදැයි නොදනිතත් ප්‍රකෝටිපතියන් ඊට සාර්ථකව මූණ දීමට තමන්ටම කියා භූගත බංකර හෝ නිවාස සදා ගනිමින් සිටිති.


දිනෙන් දින අලුත් වන, ගැටෙන සහ වෙනස්වන ලෝකයේ ධනවතුන් ගේ සිහින ගැන කතාන්දර බෙහෝමයි. ලෝක විනාශයක් ගැන තොරතුරු අත ළග නැතත් ලෝක විනාශයෙන් බේරී සිටින්නට දැන්ම තියා සූදානම් වන පිරිසක් ගැන කථාවකි මේ.

පළවන හා දෙවන ලෝක යුද්ධ වලදී බෝහෝමයක් රටවල යුද්ධයට ගොදුරු වූ මිනිසුන්ගේ එකම සැනසිල්ල වුණේ මහ පොළොව යට බංකර යි. ආහාර සහ වෙනත් පහසුකම් ද සහිත පොලොව යට කුඩා උමං ගෙවල් විසින්ම හා බෝම්බ ප්‍රහාර වලින් ඔවුන් බේරා ගැණින.

අද තත්ත්වය එදාට වෙනස්. ලෝකය කොයි මෙහෝතේ කොහොම විනාශ වේදැයි නොදනිතත් ප්‍රකෝටිපතියන් ඊට සාර්ථකව මූණ දීමට තමන්ටම කියා භූගත බංකර හෝ නිවාස සදා ගනිමින් සිටිති.

අද රටවල් අතර සීතල යුද්ධය නිසාම තවත් ලෝක යුද්ධයකදී වුව සිය ජීවිත රැක ගැනීම ඔවුන්ගේ අරමුණයි.

එවැනි විනාශයකට මුහුණ දෙන්නට අද ඉදිවන මේ භූ ගත නිවෙස් එදා විසි වන සියවසේ බංකර වලට බෙහෝ සෙයින් සමානයි.

ලොව පුරා ඉදිකිරීම් ආයතන රැසක් මේ වන විට ලහි ලහියේ කටයුතු කරමින් සිටින්නේ ඒ වෙනුවෙන් . ඔවුන් මේ වන විටද කිසිදු කරදරයකින් නොමැරී ජීවත් වන්නට හැකි ආරක්ෂීත නිවාස සඳහා සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව ගෝලීය වසංගත තත්ත්වයක්, ආකාශ වස්තුවක් කඩා වැටීමක්, තුන්වන ලෝක යුද්ධය මේ ඕනෑම දෙයකින් තමනුත් තම පවුලේ සාමාජිකයනුත් බේරී සුඛොපභෝගීව ගත කරන්නට අවශ්‍ය පිරිසක් වෙනුවෙන් මෙ භූගත නිවාස අද ඉදිවෙමින් පවතී.

වීවෝස් Vivos[global shelter networks]යනු එවැනි ඉදිකිරීම් ආයතනවලින් එකක්. එහි ප්‍රධානී රෝබට් විසිනෝ Robert Vicino පවසන්නේ අනාගත බංකර අතීතයේ ඒවාට වඩා සුවපහසු වනු ඇති බවයි.

වීවොස් යනු එවැනි ව්‍යසනයන්ගෙන් බේරී සිටින්නට අවශ්‍ය පෙහෝසතුන් වෙනුවෙන් අති ආරක්ෂාකාරී බූගත නිවෙස් ඉදිකරන ආයතනයකි.  එය cnbc විසින් විස්තර කරන්නේ

”ලෝක විනාශයෙන් බේරී සිටීම කලාවකි” ලෙසයි. මේ ගැන සී එන් එන් මාධ්‍ය විසින් විස්තර කර ඇත්තේ මෙතැන් සිට බෙහෝමයක් ලෝක විනාශයෙන් දිවි රැක ගනීවි.

http://www.terravivos.com/

ඉතිරි වූ අප සියලු දෙනා ලෝක විනාශයේදී තමන් පෙර සූදානම් නොවී යැයි දුක් වේවි යන්නයි.

ඕනෑම ප්‍රමාණයක පීඩනයකට මෙන්ම ආපදා තත්ත්වයකට මුහුණ දිය හැකි පරිදි මෙම බන්කර නිර්මාණය කර ඇති අතර ඉතා “DEFCON 3”. නැමති දියුණු ආරක්ෂිත පද්ධතියක්ද ඒ සමඟ සම්බන්ධ වේ.

රොබර්ට් විසිනි විසින් ව්‍යවසායකත්වය දරන මෙම වීවෝස් ඉදිකිරීම් ආයතනය මේ වන විට ප්‍රධාන ස්ථාන තුනක මෙම ඉදිකිරීම් සිදු කර ඇත.

රෝබර්ය් විසිනෝ හට මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට මුලින්ම පෙළඹී ඇත්තේ 1982 වසරේදී මුලින්ම ලෝක විනාශය සිදු වන බවට අනතුර් ඇඟවීමත් සමඟිනි.

අකාශ වස්තුවක් බියකරු ලෙස පොළොවයට කඩා වැටෙද්දි … ඔබට සිතෙන්නට පුළුවන් ඔබෙන් කිසි වැඩක් නැහැ කියලා.. මෙකෙද ඔබට ඉ් බේරෙන්නට ක්‍රමයක් නැති නිසා….

රොබර්ට් විසිනෝ එසේ පවසයි.

එවැනි විනාශයක් ලෝකය තුළ සිදුවී අපට ඉන් ගැලවෙන්නට හැකි වුවත් අප ඉතිරිවනු ඇත්තේ වේදනා සහිත තුවාළ සහ දිවිබේරාගත් මීයන් සමගිනි … ඔහුට අනුව එය මිහිපිට අපායකි. සම්පූර්ණයෙන්ම විනාශ වනවාටත් වඩා පෙර කී පරිදි සියල්ල නැතිවී ජීවත්වනවාටත් වඩා ආරක්ෂිත ස්ථානයක ඉතා සාර්ථක ලෙස ජීවිතය බේරා ගන්නට හැකි වීම ඔබේ අනාගතය කෙතරම් තහවුරු කරනු ඇති දැයි ඔහු අසයි.

Vivos Indiana

සම්පූර්ණයෙන්ම භූගත බංකර් නිවසක් මිලදී ගත නොහැකි අය සඳහා අවුරුද්දක පදනම මත වෙන්කරවා ගත හැකි වේ.

මෙම බංකර් වර්ගය මෙගාටොන් 20ක පිපිරීමට ඔරොත්තු දෙන මධ්‍යම බටහිර සහ ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට දිනක් තුළ ළඟා විය හැකි ය. සීතල යුද්ධ පවතින සමයේ මෙය ගොඩ නඟා ඇත්තේ විශේෂයෙන්ම න්‍යෂ්ටික ප්‍රහාර වලින් බේරීම සඳහාය. ලෝක විනාශය හෝ මිහිමත අති විශාප ආපදාවක් සිදු වී වසරක් යන තුරු මෙම වර්ගයේ නිවාස වල ජීවත් වන්නට හැකියාව ලැබේ.

මේම නිවාස වර්ගයේ සිවිලිම අඩි 12ක උසින් පිහිටා ඇත. කර් 4 හෝටල් පහසුකම ඇති මෙම බංකර් වර්ගය විසිතුරු ගෘහභාණ්ඩ වලින් සමන්විතය. අවුරුද්ධක කාලයක් සඳහා ආහාර, භූගත ජලය,මෙන්ම ඉන්ධනද මෙම භූගත බංකර් තුළ ඇත. ඖෂධ, ගබඩා පහසුකම්,සුනකයින්, උද්‍යාන, ආරක්ෂක උපකරණ මේ සියල්ලමද ඒ තුළ ඇත‍. මේ වන විට මෙම නිවාස කොටස් 80න් බෙහොමයක් විකිණී ඇති අතර ඉතිරි කොටස් වෙන් කර ගැනීමට ලෝකයේ ඕනෑම අයෙක්ට හැකියාව ලැබේ. වසරක් සඳහා මෙහි ගාස්තුව ඇමරිකානු ඩොලර් 35000ක් වේ එනම් රුපියල් 5596325කි.

දකුණු ඩැකෝටා ප්‍රදේශයේ එඩ්ගෙමොන්ට් නගරයේ මෙම Vivos xPoint බංකර් වර්ගය නිර්මාණය කර ඇත. 1942 වසරේ සිට 1967 වසර තෙක් පැරණී හමුදා කඳවුරක්ව පැවතී ඇති එඩ්ගෙමොන්ට් හමුදා බංකරය ප්‍රතිසංස්කරණය කර මෙම භූගත නිවාස පද්ධතිය 5000ක් දෙනා හට ජීවත් විය හැකි පරිදි ගොඩ නගා ඇත. මින් පෙර මෙම කඳවුර හමුදා නිළධාරීන් විසින් බෝම්බ සහ යුද උපකරණ ගබඩා කිරී සඳහා නිර්මාණය කළ භූගත ගොඩනැගිල්ලකි. මේ සඳහා මිල ඇමරිකානු ඩොලර් 25000කි.

Vivos europe one.

යුරෝපයේ හදවත බඳු ස්ථානයක පිහිටා ඇති මෙම දැවැන්ද භූගත බංකර් අති සුඛොප භෝගී ලෙස නිර්මානය කර ඇත. තරු පහේ හෝටල් මෙන් සුපිරි පහසුකම් වලින් මෙම භූගත නිවාස වර්ගය නිර්මාණය කර ඇත. ලෝක යුධ සමයේදී අඩි 400කට වඩා අඩු උසකින් පිහිටි ක්න්දක පිහිටි ගලෙහිම සෝවියට් හමුදා විසින් සාදා ඇති බලකොටුවක් තුළ මෙම නිවාස සංකීරණය පිහිටා ඇත. අත්තර 76කි යුත් බිමක සියලු පහසුකම් සහිතව සාදා ඇති මෙම නිවාස න්‍යෂ්ටික පිපිරීම්, ගුවන් ප්‍රහාර, රසායනික අවි ප්‍රහාර, දැවැන්ත කම්පන,හෝ භූමි කම්පා ගංවතුර ආදී ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන පරිදි මේවා ගොඩ නඟා ඇත.

Vivos Trine

මෙම වර්ගයේ නිවාස මෙම භූගත බංකර් නිවාස වල අති සුඛොපභෝගීම වර්ගය වන අතර පෞද්ගලිකත්වය සුරක්ෂිත කරමින් ඉතා ආරක්ෂිත ලෙස සියළු පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. මිලදී ගන්නන්ගේ පෞද්ලික අහස් යානා මෙන්ම අනෙකුත් යානාද ආරක්ෂා කිරීමේ පහසුකම මෙමගින් සළසා දී ඇත. කිසිදු ලෙසකින් විනාශ නොවන පරිදි අධි ආරක්ෂිත ක්‍රම සමග ස්ථාපිත කර ඇති මෙම බංකර් වර්ගය ඖනෑම පවලක සාමාජිකයන් සියළු දෙනාටම දැඩි ආරක්ෂාවක් සපයන්නේ කිසිදු බාහිර බලපෑමකට ඇතුල් විය නොහැකි පරිද්දෙනි. මෙම එක් නිවාසයක මිල ඩොලර් මිලියන 2ක් වෙයි.

ඉහත දැක්වුණේ මෙම අධි ආරක්ෂිත භූගත නිවාස සංකීරණ වැඩ පිළිවෙළ යටතේ වන නිවාස වර්ග කිහිපයකි. යම් මුදලක් වියදම් කළ හැකි සාමාන්‍ය ධනවතුන්ගේ සිට සුපිරි ධනවතුන්ට මේවා සඳහා දොරටු විවෘත වී ඇත.

අනාගතයේදී කුමන ආකාරයෙන් ලෝක විනාශය සිදු වනු ඇති දැයි අප නොදනිමු. සුනාමි තත්ත්වයක් ආදිය නිසා සිදුවිය හැකි මුහුද ගොඩගැලීමක් හෝ ආකාශ වස්තුවක් කඩා වැටීමෙන් ඇති වන තත්ත්වයක්, මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු විය හැකි තුන්වන ලෝක යුද්ධය , මහාපරිමාණ න්‍යෂ්ටික අවිප්‍රහාර ආදිය විසින් මිනිස් සංහතිය නැ.්.ටම නැති කර දැමීමට ඉඩ කඩ පවතී. නමුක් හඳුන්වා දී ඇති මෙම ආරක්ෂිත ක්‍රමයට අද ලෝකයේ බෙහෝමයක් සුපිරි බලවතුන් පෙළඹී ඇත. මෙම පහසුකමද හේතුවේන් ලෝක විවනාශයකින් පසු ලෝකයේ ඉතිරි වනු ඇතතේ අද මෙවැනි බංකර් නිවසක් විශාල මිලක් ගෙවා අත්පත් කර ගැනීමේ හැකියාව ඇති සුපිරි බලවතුන් පමණකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි