×

දින 07ක සටන් විරාමයෙන් අනතුරුව ගාසා තිරයේ නැවත යුධ ගිනිදැල් ඇවිලේ

ඊශ්‍රායලයේ පළිගැනීමේ ව්‍යාපාරයෙන් ළමුන් 6,000 ක් ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.


ඇමරිකා එක්සත් ජනපදය හා කටාරය මැදිහත්ව ඊශ්‍රායලය හා හමාස් අතර ඇතිවූ දින 7ක සටන් විරාමයෙන් අනතුරුව නැවත දෙපාර්ශවය අතර සටන් ඇරඹි ඇති බව වාර්තා වේ.

සටන් විරාමය තුළ දෙපාර්ශවයේම ප්‍රාණ ඇපකරුවන් හුවමාරු වූ අතර ඊශ්‍රායල සිරකඳවුරුවල සිටි පලස්තීන සිරකරුවන් 240ක් වෙනුවට හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් මුදා හරින ලදී.

අද(01) උදැසන ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කර ඇති අතර ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් 100කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ දෙනා සිය නිවෙස් වලින් පලා යන බවයි ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ,

ඔක්‌තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස්‌ ප්‍රහාරයෙන් ඊශ්‍රයල පුද්ගලයන් 1200ක්‌ මරාදමා 240ක්‌ පමණ ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර එතැන් සිට ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ පළිගැනීමේ ව්‍යාපාරයෙන් ළමුන් 6,000 ක් ඇතුළු 14,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි