×

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා නිදහස් කිරීමට නියමිතයි

, තක්ෂින් තායිලන්තයේ ග්‍රාමීය සහ කම්කරු පන්තිය අතර අතිශයින් ජනප්‍රිය චරිතයක් විය.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කීර්තිමත් දේශපාලන රාජවංශයක ප්‍රධානියකු සහ මැන්චෙස්ටර් ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයේ හිටපු හිමිකරු වන තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා මෙම මසදී නිදහස් කරනු ඇති බව තායිලන්තයේ අධිකරණ අමාත්‍ය Tawee Sodsong නිවේදනය කර තිබේ.

තක්ෂින් ෂිනවත්‍රා 2001 සිට 2006 දී නිව් යෝර්ක්හි සිටියදී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද අතර ඔහු වසර 15ක් ස්වයං පිටුවහල් කිරීමකින් අනතුරුව නැවත රටට පැමිණීමෙන් පසු බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය සම්බන්ධයෙන් වසර අටක සිර දඬුවමකට යටත් විය. ඔහුගේ පිටුවහල් කාලය තුළ නොපැමිණීමේ චෝදනාවලට වැරදිකරු විය.

ඉන් අනතුරුව ප්‍රකෝටිපතියා රාජකීය සමාව සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් පසුව තායිලන්තයේ මහා වජිරලොන්ග්කෝන් රජු විසින් තක්ෂින්ගේ සිර දඬුවම වසර අටක සිට වසරක් දක්වා අඩු කරනු ලැබිය.

ඒ අනුව යමින් අද(13) දිනයේ තායිලන්තයේ අධිකරණ අමාත්‍ය Tawee Sodsong තක්ෂින් වෙත තහවුරු කළේ මේ මාසයේ නිදහස් කර ඇති රැඳවියන් 930 දෙනාගෙන් තක්ෂින් එක් අයෙකු වන බවයි.

74 හැවිරිදි තක්ෂින්, වයස අවුරුදු 70 ට වැඩි රැඳවියෙකුගේ ගණයට වැටෙන බැවින් හා නිදන්ගත රෝගාබාධයකින් පෙළෙන බැවින් ඔහු සමාව සඳහා සුදුසුකම් ලබා ඇත.

සිය දේශපාලන කාලය පුරාවටම, තක්ෂින් තායිලන්තයේ ග්‍රාමීය සහ කම්කරු පන්තිය අතර අතිශයින් ජනප්‍රිය චරිතයක් වූ අතර භෞතිකව රට තුළ නොසිටි අවස්ථාවල පවා තක්ෂින් තායි දේශපාලනය කෙරෙහි විශාල බලපෑමක් කළ අයෙකු විය. පසුගිය වසර වනතුරු 2001 සිට සෑම මැතිවරණයකදීම වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේ තක්ෂින්ට හිතවත් දේශපාලන පක්ෂයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි