×

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවදානම් විසඳීමට G20 නායකයන් මැදිහත්වන ලකුණු

G20 රටවල් මෙවර පවතින ඉලක්ක සහ ප්‍රතිපත්ති හරහා ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් වැඩි කිරීමේ උත්සාහයන් ලුහුබැඳීම අපේක්ෂා කෙරේ.


ඊයේ(09) දිනයේදී නවදිල්ලියේ පැවති G20 සමුළුවේ පළමු දිනයේදී සාකච්ජා වූ මාතෘකා අතර යුක්රේන යුද්ධය, දේශගුණික විපර්යාස සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ඇතුළු ගෝලීය ගැටලු ප්‍රධාන වේ.

මෙහිදී සංවර්ධනය වෙමින් පවතින හා ඌණ සංවර්ධිත රටවල ණය බර පිළිබඳව සාකච්ජා වූ අතර එහිදී ලෝක බැංකුව වාර්ලෝතා කර තිබුණේ, ලෝකයේ දුප්පත්ම ජාතීන් ද්විපාර්ශ්වික ණය හිමියන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 60 කට අධික ණය සේවාවක් සමඟ බර පටවා ඇති අතර එය පැහැර හැරීමේ අවදානමක පවතින බවත් එම ණයවලින් තුනෙන් දෙකක් චීනයට අයත් වන බවයි. මෙහිදී G20 රටවල නායකයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කළමනාකරණය කිරීමට උපකාර කිරීමට කැපවී ඇති බව දිල්ලි ප්‍රකාශනයේ සඳහන් වේ.

මෙවර සමුළුවේ දක්නට ලැබුණු විශේෂිතම කාරණාවක් වන්නේ යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය යුක්රේන යුද්ධය වශයෙන් සකච්චජා වීමත්, G20 නායකයින් භෞමික වාසි සඳහා බලය යෙදවීම හෙලා දුටු නමුත් රුසියාව සෘජුව විවේචනය කිරීම නතර කිරීමත්ය.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කන්ඩායමේ තියුනු බෙදීම් දක්නට ලැබුණු අතර ගෝලීය ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් යුක්රේනයේ යුද්ධයේ මානව දුක් වේදනා සහ ඍණාත්මක එකතු කළ බලපෑම් සම්බන්ධයෙන් විවේචනය කළ ඉන්දියාව යුද්ධය සම්බන්ධයෙන් රුසියාව සෘජුවම විවේචනය නොකරන ලදී.

දේශගුණික විපර්යාස සමුළුවේ තවත් උණුසුම් ලෙස සාකච්ඡා කළ මාතෘකාවක් වූ අතර හරිතාගාර වායු විමෝචනයෙන් 75% කට වඩා දායක වන G20 රටවල් මෙවර පවතින ඉලක්ක සහ ප්‍රතිපත්ති හරහා ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් වැඩි කිරීමේ උත්සාහයන් ලුහුබැඳීම අපේක්ෂා කෙරේ.

මෙහිදී මෝඩි මහතා අප්‍රිකානු සංගමයට (AU) G20 හි ස්ථිර සාමාජිකයෙකු වීමට ආරාධනා කළ අතර චීනයත් සමඟ වන තරඟය හේතුවෙන් මෙම යෝජනාව නුදුරු අනාගතයේ දී, ආසියාව සහ අප්‍රිකාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතිකරගැනීම වෙනුවෙන් උපායමාර්ගිකව වැදගත් වනු ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි