×

බ්‍රෑන්ඩ්ඩ් වීමේ කතාව 6 – Giorgio Armani

අතිදුෂ්කරම අඩියකින් ජීවිතය ඇරඹු ඔහු අද ලෝකයේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක හිමිකරු


ඔබ ළඟ මොනවාද තියෙන්නේ කියලා හිතලා බැලුවොත් ජීවත කාලයක් ගැණිය හැකි බොහෝ දේ ඔබ තුළ තිබෙන්න පුළුවන්. එහෙත් ඔබ ජීවිතයේ නොලැබෙන දේ ගැන හිතනවා නම් ඔබට ගැණීමට කිසිදෙයක් ඉතුරු නොවේවි. මේ ලියමනේ කතා නායකයා ජෝර්ජියෝ අමානි (Georgio Armani)ගේ ජීවිතයත් අප මුලින් කී කතාවට සමානයි. ඒ කිසිවක් නොමැතිව අතිදුෂ්කරම අඩියකින් ජීවිතය ඇරඹු ඔහු අද ලෝකයේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක හිමිකරු වීම නිසා.

ඉතාලියේ උපත ලද Georgio Armani ගේ ළමා කාලය කිසිවිටෙක සුන්දර ගෙවන්න ඔහුගේ පවුලේ වූ ආර්ථික දුෂ්කරතා ඉඩ දෙන්නේ නැහැ. මේ දුෂකර් ජීවිතයෙන් අත්මිදෙන්න කුඩා කල සිට තම එකම සිහිනය වූ වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා වෛද්‍ය පාඨමාලාවක් හැදෑරීම සිදු කළත් අනිවාර්ය හමුදා සේවය හේතුවෙන් එම සිහිනය අතහැර දමන්නට අමානිට සිදු වෙනවා.

වසර තුනක හමුදා සේවයෙන් පසු ඉන් ඉවත් වන අමානි ඇඟලුම් ක්ෂේත්‍රය සහය ඡායාරූප ශිල්පයකු ලෙස කටයුතු කරනවා. වසර 7ක එම සේවයට සමුදෙන ඔහු පසුව විලාසිතා නිර්මාණකරණයට අතගසනවා. 1964වසරේදී ඔහු Nino Cerruti සමාගමේ පිරිමින් සඳහා ඇඳුම් මෝස්‌තර නිර්මාණය කරන විලාසිතා නිර්මාණ ශිල්පියෙකු බවට පත්වෙනවා. 1960 ගණන්වල අගභාගයේදී සාහිත්‍යකරුවෙකු වූ සර්ජියෝ ගැලීටි හමුවීම අමානිගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයක් වන අතර එය දිගු කාලීන පෞද්ගලික සහ වෘත්තීය සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. Giorgio Armani නම් ලොව ප්‍රසිද්ධ සන්නමයක ඇරඹුම සිදුවන්නේ අමානිගේ ඒ යාළුකමත් සමඟයි.

1973 දී Giorgio Armani සිය නමින්ම යුතු විලාසිතා සන්නාමයක් සහිත විලාසිතා නිර්මාණ ආයතනයක් ඉතාලියේ මිලානෝ වල ඉදිකරමින් විලාසිතා නිර්මාණයට එක්වෙනවා. ඒ සඳහා ඔහු පොළඹවනු ලබන්නේද ඔහුගේ මිත්‍රයා වූ ගැලීටි විසින්. G සහ A යන අකුරු දෙකේ සුසංයෝගයෙන් Giorgio Armani නිල ලාංඡනය නිර්මාණය වෙනවා.

1975 වසර වන විට කාන්තා ඇඟලුම් විලාසිතා නිර්මාණයටද Giorgio Armani අතගසනවා. 1980 දශකයේ රැකියාවල නියතු කාන්තාවන් වෙනුවෙන් ඉතාලි මෝස්තර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කළ විලාසිතා වෙනුවට Giorgio Armani නිර්මාණය කළ අලංකාර මල් සැරසිලිවලින් යුක්ත වූ සාය සහ අලංකාර වර්ණයන්ගෙන් යුතු කලිසම් සමඟ Giorgio Armani බ්‍රෑන්ඩ් එකක් ලෙස ජනප්‍රිය වීමට පටන් ගන්නවා. 1979 වසර වන විට ඇමෙරිකාවේ Giorgio Armani හි ශාඛාවක් පිටුවන අතර Mani යනුවෙන් වූ කාන්තා සහ පිරිමි විලාසිතා ජාලයක්ද එමඟින් හඳුන්වා දෙනවා.

” “මම දුරසිට දැකිය නොහැකි දේවල්වලට කැමති නැහැ. ඒ වගේම මම කැමති නැහැ අපට කවුරුන් හෝ නියම කරන මාර්ගවල යන්න. ඒ නිසා මම කැමති අතුරු මාර්ගවල යන්න” “

ඇඳුම් නිර්මාණයන්ට අමතර ව පාවහන්, සුවඳ විලවුන්, අත්ඔරලෝසු, ස්වර්ණාභරණ, රූපලාවන්‍ය නිෂ්පාදන, පළඳනා, ඇස කණ්නාඩි, අව්කණ්නාඩි, ගෘහ භාණ්ඩ Giorgio Armani සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙනවා. මේ අතර Armani සුවඳවිලවුන් සහ රූපලාවන්‍ය ආලේපනවලට ඇත්තේ ඉහළ පාරිභෝගික ඉල්ලුමක්.

එසේම Armani විලාසිතා එකතුව සෑම වසරකදීම මිලානෝ විලාසිතා සතිය තුළදී එලි දැක්වීමක්ද සිදු කෙරෙනවා. එසේම ඩේවිඩ් බෙකම්, විටෝරියා බෙකම් වැනි ලෝක ප්‍රසිද්ධ තරු Giorgio Armani සන්නාමය සමඟ එක් වී සිටිනවා. එසේම Giorgio Armani හොලිවුඩ් සිනමාව සමඟද සමීප සම්බන්ධතාවයක් පවත්වන අතර හොලිවුඩ් චිත්‍රපට 100කට වැඩි ප්‍රමාණයක් සඳහා ඇඳුම් නිර්මාණය කර තිබෙනවා.

අද වන විට ලෝකයේ ජනප්‍රියතම බ්‍රෑන්ඩ් අතරට එක්වී තිබෙන Giorgio Armani යටතේ ලොව පුරා හෝටල්, ආපනශාලා, සහ කැෆේ විශාල ප්‍රමාණයක්
ක්‍රියාත්මක වෙනවා.

“මම දුරසිට දැකිය නොහැකි දේවල්වලට කැමති නැහැ. ඒ වගේම මම කැමති නැහැ අපට කවුරුන් හෝ නියම කරන මාර්ගවල යන්න. ඒ නිසා මම කැමති අතුරු මාර්ගවල යන්න” මේ වනවිට සිය දිවියේ 83 වනවිය පසුකරමින් සිටිනපසුකරන Giorgio සිය දිවියේ සාර්ථකත්වය එලෙස සිහිපත් කරනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි