×

දැඩි මතධාරී පාර්ලිමේන්තු කථානායක සහ තවත් පස් දෙනෙකුට ඉරාන ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට අනුමැතිය

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 80ක් ඉදිරිපත් විය.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 10,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ තවත් හත් දෙනෙකුට මරු කැඳවූ හෙලිකොප්ටර් අනතුරකින් පසු නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා එළඹෙන ජුනි 28 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් 85 හැවිරිදි උත්තරීතර නායක අලි කමේනිගේ නියමය මත පාර්ලිමේන්තු කථානායක සහ තවත් පස් දෙනෙකුට තරඟ කිරීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

පසුගියදා ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ප්‍රකාශ කර තිබුණේ, මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මධ්‍යස්ථ මතධාරීන්ට හෝ ප්‍රතිසංස්කරණවාදීන්ට වඩා ගතානුගතික සහ අතිශය ගතානුගතික චරිත මෙන්ම මධ්‍යම ශ්‍රේණියේ පූජකවරුන් ගණනාවක් සහ කාන්තාවන් හතර දෙනෙකු ඇතුළුව අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත් ඇති බවයි.

ඉරානයේ උත්තරීතර නායකයා විසින් පත් කරන ලද නීතිවේදීන් 12 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බලය හිමි අපේක්ෂකයින් කවුරුන්ද යන්න තීරණය කරනු ඇති අතර ඉරාන නීතියට අනුව, ජනාධිපති ධුරය සඳහා සුදුසුකම් ලැබීමට නම් අපේක්ෂකයින් වයස අවුරුදු 40 සිට 75 ඉක්මවූ අවම වශයෙන් විශ්ව විද්‍යාල ශාස්ත්‍රපති උපාධියක් තිබිය යුතු අතර ඔහු ඉස්ලාමීය ජනරජයට පක්ෂපාතී අයෙකු විය යුතුය.

ඉරානයේ වඩාත් ජනප්‍රිය දේශපාලනික චරිතයක් වූ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ්ට තරඟ කිරීම කවුන්සිලය නැවතත් තහනම් කර ඇති අතර මේ වන විට තෝරාගන්නා ලද අපේක්ෂකයන් අතර වඩාත්ම කැපී පෙනෙන අපේක්ෂකයා වන්නේ රටේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂකයින් සමඟ සමීප සබඳතා ඇති හිටපු ටෙහෙරාන් නගරාධිපතිවරයෙකු වන 62 හැවිරිදි මොහොමඩ් බාගර් ගලිබාෆ් ය.

බාගර් ගලිබාෆ් හිටපු ආරක්ෂක භටයෙකු ලෙස, 1999 දී ඉරාන විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී මර්දනයක් දියත් කළ අතර ඔහු රටේ පොලිස් ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටියදී 2003 දී සිසුන්ට එරෙහිව සජීවී වෙඩි තැබීමට නියෝග කළ බවට පවා වාර්තා වේ. ඔහු 2005 හා 2013 යන අවස්ථා දෙකෙහිදීම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයකු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි