×

‘ට්‍රම්ප්ට හිරේ ගියත් දිනන්න පුළුවන්; දෙවියන් ඉන්නේ ඔහුගේ අතේ’

අපරාධ චෝදනාවන් අප්‍රේල් මස 4 වන දින විභාගයට ගනු ලබන අතර, එහිදී හිටපු ජනාධිපතිවාරයා මුහුණ දෙන චෝදනා නිශ්චිත තවමත් ප්‍රසිද්ධ කර නොමැත.


එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට අධි චෝදනාවන් ගොනුවීමත් සමඟ ඊට විරුද්ධව ඔහුගේ ආධාරකරුවන් විසින් ෆ්ලොරීඩාවේ පැවැත් වූ රැළියකදී ආධාරකරුවන් ප්‍රකාශ කර සිටියේ ට්‍රම්ප් හිරේ ගියත් දිනන්න පුළුවන් බවත්, ඔහු ඇමරිකාවේ මීළඟ ජනාධිපති වන බවත්, දෙවියන් ඔහුගේ අතේ සිටින බවත්ය.

ට්‍රම්ප් මහතා අසභ්‍ය තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000 (පවුම් 105,000) ගෙවීමක් සම්බන්ධයෙන් ගොනු වූ අපරාධ චෝදනාවන් අප්‍රේල් මස 4 වන දින විභාගයට ගනු ලබන අතර, එහිදී හිටපු ජනාධිපතිවාරයා මුහුණ දෙන චෝදනා නිශ්චිත තවමත් ප්‍රසිද්ධ කර නොමැත.

ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්වන චෝදනා සම්බන්ධයෙන් විවිධ ආරංචි මාර්ග පැතිර යන අතර, ඉන් එකක් වන්නේ හිටපු ජනාධිපතිවරයාට පළමු උපාධියේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ බවයි. එක්සත් ජනපද නීතියට අනුව එය අපරාධයකි.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් බහුතරයක් ට්‍රම්ප් මහතාට එරෙහි විමර්ශන භාරව සිටින මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග්ට චෝදනා කළ අතර ඔවුන් දැඩිව විශ්වාස කරන්නේ 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් නැවත වරක් සිය ජනාධිපතිවනු ඇති බවත්, මෙම අධිචෝදනාවන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවහල් වනු ඇති බවත්ය.

ඇමරිකන් ඉතිහාසයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පළමු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වූ නමුත් ඔහුට විරුද්ධව අධිචෝදනාවන් ගොනුවී ගත වූ පැය 24 තුළ ඔහුගේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් ඩොලර් මිලියන 4ක් (පවුම් මිලියන 3.24ක්) පරිත්‍යාග ලෙස ලැබී ඇති බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි