මේ වදකාර – කරදරකාර – එහෙත් රසවත් නිපැයුම සොයාගත්තේ තෝමස් ඇඩම්ස් (1818 – 1905) විසිනි.
චුවින්ගම් හෙවත් මුවේ රදවාගෙන රස බලන ගම් (මැලියම්) වර්ගවලට මානව ශිෂ්ටාචාරය පුරාම තිබුණේ ඉහළ ඉල්ලුමකි. බොහෝ විට මේවා ලබා ගන්නේ විවිධ ගස්වල රෙසින සහ කිරි වර්ග වලිනි. එසේ නැතිනම් පැණි රස තෘණ වර්ග, කොළ වර්ග, ධාන්‍ය වර්ග සහ ඉටි වර්ගවලිනි.
ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 1 | Wikipedia
සියවස් ගණනකට පෙර ග්‍රීසියට අයත් චියොස් දූපතේ “මැස්ටික්” නමින් ගස් වර්ගයක් තිබිණි. එයින් ලබා ගන්නා මැලියම් වර්ගය ග්‍රීකයන් හැඳින්වූයේ ‘මැස්ටිකා’ කියාය. පඳුරක ආකාරයෙන් වැවෙන මැස්ටික් ගසේ පොත්තෙන් ලබා ගන්නා මැස්ටීකා ගම් මුවේ දමා සැපූ විට දත් පිරිසුදු වීම ද ප්රාශ්වාස වාතය සුවඳැති වීම ද සිදුවිය. 1800 මුල් භාගයේ නිව් ඉංග්ලන්ඩ් ප්‍රදේශයට ගොඩ බට අමෙරිකානු යටත් විජිත වාදීන් දැක තිබෙන්නේ යම් කිසි ගසක පොත්තකින් ලබා ගන්නා මැලියම් වර්ගයක් ස්වදේශික ඉන්දියානුවන් විසින් රස බලන ආකාරයයි.
චුවින්ගම්වල මුල් කාලීන ඉතිහාසය එබඳු වුවත් මිනිසා විසින් චුයින්ගම් නිපදවීමේ ගෞරවය හිමිවන්නේ අමෙරිකානු විද්‍යාඥයෙකු වූ තෝමස් ඇඩම්ස් හට ය. එය රසවත් කතාවකි. 1870 වර්ෂයේ පැවැති යටත් විජිත යුදවලදී මෙක්සිකානු ජනරාල්වරයෙක් වූ සැන්ටා ආනා ටෙක්සාස් ප්‍රාන්තයේ දී අමෙරිකානුවන් විසින් පරාජය කෙරිණි. බොහෝ මෙක්සිකානුවන් මෙන්ම සැන්ටා ආනාද චිකල් නැමැති ගසේ මැලියම් කැබලි මුවේ දමාගෙන විකීමට පුරුදු වූ අයෙකි.
යුදමය පරාජයෙන් පසු නිවේයෝක් නුවර මදකලක් ජීවත් වූ ඔහු චිකල් මැලියම් ගැන ඒ වන විට පර්යේෂකයෙකු ලෙස නමක් දිනා සිටි තෝමස් ඇඩම්ස්ට කීවේ ය. ඇඩම්ස් හට මුලින් අවශ්‍ය වූයේ මෙම ද්‍රව්‍යය තාපයෙන් රත්කර, ඊට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර එයින් සෙල්ලම් බඩු ආදිය සෑදීමටයි. රබර් වැනි ද්‍රව්‍යයක් එයින් නිපදවීමට ඔහු සිතුවේ ය. එහෙත්, එම සෑම පර්යේෂණයක්ම අසාර්ථක විය.
තෝමස් ඇඩම්ස් | Chewing Gum Facts
දිනක් අපේක්ෂා භංගත්වයට පත්ව සිය විද්‍යාගාරයේ වාඩි වී සිටින අතර ඇඩම්ස් නව මිශ්‍රණයෙන් කෑල්ලක් මුව තුළට දමාගෙන කෝපයෙන් එය සැපුවේ ය. පුදුමයකි. එහි වූ ප්‍රණීත රසයට ඔහුගේ රස නහර පිනා ගියේය.
ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 2 | pinsdaddy.com
ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 3 | Alchetron
ඇඩම්ස්ගේ චුයින්ගම් මාකටින් – 4 | Pinterest
වැඩිකල් නොගොසින් ඔහු සිය පුතුන් සමඟ එක් වී ලෝකයේ ප්‍රථම චූවින්ගම් ෆැක්ටරිය නිව්යෝර්ක් නුවර විවෘත කෙළේ ය. එහි නම වූයේ ඇඩම්ස් නිව්යෝක් නම්බර් වන් (adams new york number) පසුකාලිනව ඇඩම්ස් චුවින්ගම්වලට විවිධ රස කාරක ද එකතු කෙළේ ය. මුලින්ම එක් කෙරුණේ ‘ලිකරයිෂ්’ නැමැති වැල්මී වැනි ශාකයක රසයයි. එය බ්ලැක් ජැක් නමින් අලෙවි කෙරිණි.