×

ව්‍යවස්ථාදායකයට කඩා වැදුනු පුද්ගලයන් 12 දෙනෙකුට හොංකොං අධිකරණය වසර හතක් දක්වා සිර දඬුවම් නියම කරයි

දඬුවම් නියම වූවන් අතර 45 හැවිරිදි නළු ග්‍රෙගරි වොන්ග් ද සිටියි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍යයෙන් විසින් හොංකොං චීනයට භාරදීමේ 22 වැනි සංවත්සර සමරු 2019 වසරේ ඔක්තෝබර් මස 01 වන දින රාත්‍රියේදී විරෝධතරුවන් සිය දහස් ගණනක් ව්‍යවස්ථාදායකයට කඩා වැදී ජනේල කඩා බිඳ දමා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුව ඊයේ දිනයේදී නිම විය.

එහිදී එදින රාත්‍රියේ හොංකොං ව්‍යවස්ථාදායකයට කඩා වැදුණු පුද්ගලයෙන් 12 දෙනෙකුට එරට අධිකරණය වසර හතක් දක්වා සිර දඬුවම් නියම කරන ලද අතර සාපරාධී හානිය සහ ව්‍යවස්ථාදායක සභා ගර්භයට ඇතුළු වීම ආදී චෝදනාවන් සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 14 දෙනෙකුට වසර 10 දක්වා සිර දඩුවම් කර තිබු අතර දඬුවම් නියම වූවන් අතර 45 හැවිරිදි නළු ග්‍රෙගරි වොන්ග් ද සිටින බව වාර්තා වේ.

දිස්ත්‍රික් උසාවියේ නියෝජ්‍ය විනිසුරු ලී චි ව්‍යවස්ථාදායකයට කඩා වැදීමේ සංකේතවාදය සහ සමාජයට එහි දිගුකාලීන බලපෑම් අවධාරණය කළ අතර විරෝධතාකරුවන් හොංකොං ආණ්ඩුක්‍රම වස්ථාවේ පිටපත් ඉරා දැමීම, මූලික නීතිය සහ යටත් විජිත යුගයේ ධජ ප්‍රදර්ශනය කිරීම වැනි අපහාසාත්මක සහ ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කළ බව විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීමෙන් අනතුරුව බීජිං පිටුබලය ලත් ආන්ඩුවට අභියෝග කිරීම සම්බන්ධයෙන් පසුව බීජිං විසින් හොංකොං වෙත සම්මුතිය මැඩපැවැත්වීම සඳහා පුළුල් ජාතික ආරක්ෂක නීතියක් පැනවීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි