×

පිලිපීන වෙරළට අබිරහස් දැවැන්තයෙක් ගොඩ ගසයි.

පිලිපීනයේ වෙරළ තීරයට පසුගියදා අති දැවැන්ත, කේශර සහිත අබිහරස් සත්වයෙක් ගොඩ ගසා තිබිණි.


කේශරවලින් සියොළඟ වැසී ඇති බව පෙනෙන මේ අති දැවැන්තයා අඩි 20 ක් පමණ දිගින් යුතු වූ අතර, හඳුනා නොගත් සත්වයෙකු ලෙස වාර්තා වේ.

මේ සත්වයාගේ මළ සිරුර ගොඩ ගසා තිබුණේ මින්දෝරෝ පළාතේ සැන් අන්තෝනියෝ වෙරළ වෙත රාත්‍රී කාලයේදී ය.

මෙය මුලින්ම දුටු පුද්ගලයා ෆේස්බුක් හරහා එහි ඡායාරූප පළ කරමින් ඉල්ලා තිබුණේ ‘අපි වෙනුවෙන් යාඥා කරන්න..“ යනුවෙනි.

එම සත්වයා වෙරළට ගොඩ ගැසීම, සාගර පත්ලේ සිදුවූ භූමි කම්පාවක ලකුණක් යැයි ඔහු බියට පත්ව තිබේ.

එම බිය සාධාරණ බව ද පෙනී යන්නේ 2017 භූමිකම්පාව හේතුවෙන් මියගිය සාගර දැවැන්තයන් කිහිප දෙනෙකුගේම මළ සිරුරු වෙරළට ගොඩ ගැසීම සිදු වූ නිසා ය.

අධික ලෙස දුර්ගන්ධය හමමින් තිබූ මේ යෝධ මළකුණ හඳුනාගැනීම ට නොහැකි වූ අතර, එය අබිහරසක් වශයෙන් ඉතිරිව පවතියි. නමුත් විශ්වාස කෙරන්නේ දැඩි ලෙස නරක් වූ යෝධ තල්මසෙක් මේ අන්දමින් වෙරලට ගසාගෙන එන්නට ඇති බවයි. මේ සත්වයා ‘ස්පර්ම් වේල්‘ වර්ගයට අයත් විය හැකි යැයි පිලිපීනයේ සාගර විශේෂඥයෝ පවසති.

මෙයට සමාන, අබිරහස් පෙනුමින් යුත් සතුන් කිහිප දෙනෙක්ම ගතවූ කාලයේදී පිලිපීන වෙරළට ගොඩ ගසා ඇත. 2016 පෙබරවාරි මාසයේදී ද, එයට පෙර 2016 ඔක්තෝබරයේ ද මෙවැනි සතුන් පිළිබඳ වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි