×

ආර්තවය දුකක් තමයි, ඒත්…

කාන්තාවන්ගේ මාසික ආර්තවය ඔවුන්ගේ බුද්ධිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරවන බව ඔබ දැන සිටියාද?


මාසික ආර්තවය ගැන කථා කරන විට අපගේ මනසට වැඩියෙන්ම මතක් වෙන්නේ අපහසු මානසිකත්වයක්, වේදනාව පිරුණ දින කිහිපයකි හා, කාර්යක්ෂමතාව අඩුවන කාලයක් ලෙසයි. නමුත් අද වන විට විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත්තේ සැබවින්ම මේ නිසා මසකට වරක් කාන්තාවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ධනාත්මක ලෙස වෙනස් වන බවයි.

මිනිස් ජිවිත හා බැඳුන හිස්ටරික තත්ත්වය මුල් කාලයේ ඊජිප්තු ජාතික වෛද්‍යවරුන් හා ආචීර්ණ කාල්පික දාර්ශනිකයන් විසින් සාකච්ඡා කර තිබේ. ඔවුන් පැවසුවේ කාංසාව, සංවේදී මනඃකල්පිත දනවනසුලු ලක්ෂණ පුරුෂයන් ට පම‍ණක් අදා‍ළ වූ රෝග ලක්ෂණ බවයි. ප්ලේටෝ ට අනුව මෙම හිස්ටීරියා ලක්ෂණ ඇතිවන්නේ මවගේ ගර්භාෂය තුළ සිටියදීම ය. ඔහුට අනුව දරුවා ගර්භාෂය තුළ සිටියදී මව දැඩි දුකකින් සිටීම මෙයට හේතුවයි.

ප්ලේටෝ මෙය විස්තර කළේ ‘වැළපෙන කළලය‘ mourning womb යනුවෙනි.

කෙසේ වෙතත් අද වන විට අනාවරණය වී ඇති නිරීක්ෂණයන්ට අනුව මෙම හිස්ටරික තත්ත්වයන්ට වැඩි පුරම මුහුණ දෙන්නේ කාන්තාවන්ය. කාන්තාව ජීව විද්‍යාත්මකව හිස්ටීරියා තත්ත්වයන් ට මිත්‍රශීලී වේ. ඒ නිසාම ලිංගිකත්වය පිළිබඳ හැඟිම් පවා හරිහැටි සංවේදනය කර ගන්නට ඈ අපොහොසත් වන්නේය. විශේෂයෙන්ම මාසික ආර්ථවය පවතින කාලයේදී කාන්තාවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව බොහෝවිට පවතින්නේ දුක ගැනවිලිය, වේදනාව කාංසිය , නොරුස්නා බව මෙම දුක් ගැනවිලි කිහිපයකි.

මේ සියල්ල මධ්‍යයේ කාන්තාවන්ගේ ආර්තවය කාන්තාවන්ගේ මොළය ධනාත්මක ලෙස වර්ධනය කරන බව අප බොහොමයක් දෙනා නොදන්නා කරුණකි.

මේ වන විට හෙළිවී තිබෙන්නේ ආර්තවය හේතුවෙන් කාන්තාවන් ‘අවකාශය පිළිබඳ දැනුවත්භාවය‘ එහෙමත් නැතිනම් spatial awareness පිළිබඳ පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටීමට ආර්තවය හේතුවක් වන බවයි. එසේම සාමාන්‍යයෙන් ආර්තවයෙන් සති 3 ක් ගිය තැන ස්ත්‍රීන්ගේ සන්නිවේදන හැකියාව කැපී පෙනෙන ලෙස වැඩි දියුණු බව බව සොයාගෙන ඇති කරුණකි.

මෙහිදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

මේ වෙනස්කම්වල ප්‍රධානම කාරකය වන්නේ ගර්භාෂය නොව ඇගේ ඩිම්භකෝෂයන් ය. ඒවා මාසය පුරාම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වෙනස් මට්ටම්වලින් ස්‍රාවය කරමින් සිටියි. මේවායේ මූලික කාර්යය ගර්භාෂ බිත්තිවල ගනකම වැඩි කර, ඩිම්භය මුදා හැරිය යුත්තේ කවදාද යන්න තීරණය කිරීමයි. එසේම මේ හෝමෝර්න ස්ත්‍රියගේ මොළය සහ ඇගේ හැසිරීම කෙරෙහි ද වැදගත් අන්දමින් බලපානු ලබයි.

babyMed

babyMed

විද්‍යා පර්යේෂකයෝ ස්ත්‍රියගේ ආර්තව චක්‍රය ගැන 1930 දශකයේ පටන් අධ්‍යයනය කරමින් සිටිති. එය අතිශයින්ම ජනප්‍රිය පර්යේෂණ මාතෘකාවකි. ඒ අනුව පෙනී ගොස් තිබෙන්නේ ස්ත්‍රියකට පුරුෂයෙකුට වඩා ඉක්මනින් දුම්පානය අත්හැර දැමිය හැකි බව සහ, එදිනෙදා රාත්‍රීන්වලදී දකින සිහිනද අමතක කළ හැකි බවයි. කොහොම නමුත් ස්ත්‍රිය සහ පුරුෂයාගේ ජීව විද්‍යාත්මක වෙනස්කම්වලට ආර්තව චක්‍රය ඇති කරන බලපෑම පිළිබඳ තවමත් සම්පූර්ණයෙන් සොයා අවසන් නැති බවත් පර්යේෂකයන් සිතයි.

2002 වසරේදී බැල්ටිමෝර පර්යේෂක කණ්ඩායමක් සොයාගත්තේ ස්ත්‍රියකගේ සිරුරේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩුවීමේදී අවකාශය පිළිබඳ දැනීම යථා තත්වයට පත් වේ. එසේම ස්ත්‍රී හෝර්මෝන් සාන්ද්‍රණය ඉහළ අවස්ථාවලදී ඇයට ඉතා කුඩා දේවල් වුණත් නිශ්චිත ලෙස සහ නිවැරදි ලෙස මතක තබාගැනීමට හැකියාව ලැබේ. මෙහිදී මෙම මූලික වෙනස්කම්වලට අදාළ හෝර්මෝනය ලෙස හඳුනා ගැනෙන්නේ ඊස්ට්‍රජන් ය.

ඊස්ට්‍රජන්වල බලපෑම, මොළයේ අසල්වැසි කලාප දෙකකට ප්‍රධාන වශයෙන් බලපායි. එකක් නම්, මුහුදු අශ්වයෙකුගේ හැඩයෙන් පිහිටා තිබෙන මොළයේ ‘හිපොකැම්පසය‘ නමැති කොටසට ය. එය, මතකයන් ගබඩා කර ගැනීමේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. හිපොකැම්පසය සමාජයීය හැකියාවන්ට වැදගත් බව තහවුරු වී ඇති කාරණයකි. තමන්ගේ අත්දැකීම මනා සේ මතක තබා ගැනීම මගින් අනෙක් අයගේ පෙළඹවීම් තේරුම් ගැනීමට මේ නිසා ඇයට හැකි වේ. ස්ත්‍රී හෝර්මෝන සාන්ද්‍රණය වැඩි වත්ම මොළයේ හිපොකැම්පසය විශාල වන බව සොයාගෙන ඇත.

BuzzFeed

BuzzFeed

දෙවන මස්තිෂ්ක කලාපය වන්නේ ඇමිග්ඩලා (amygdala) කොටසයි. මෙය හැඟීම් (චිත්තවේග) ඇතිකිරීමේදී ඉතාම වැදගත් ය. විශේෂයෙන්ම සටන් කිරීම හෝ පළා යාම යන තෝරාගැනීමකදී බිය ඇති කිරීමට මේ කලාපය මුල් වනු ලබයි. එසේම යමෙක් බිය වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට මේ අනුව කාන්තාව වැඩි සමත්කමක් දක්වන නිසා, ලෝකය තමන්ගේ ඇසින් දකිමින් අනුන්ව වටහා ගැනීමට කාන්තාවට වැඩි හැකියාවක් ඇත. මේ හැකියාව ප්‍රගුණ කළ ස්ත්‍රියට ආචාර ධර්ම පිළිබඳ විනිශ්චයන් තමන්ගේ වාසියට හරවා ගැනීමට ද පුළුවන.

මෙහි අනෙක් පැත්ත, ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩු ප්‍රතිශතයක් ඇති කාන්තාව බිය හඳුනාගැනීමට අසමත්වන අතර, සමාජයීය කුසලතාවන්ගෙන් අඩු තැනැත්තියක බවට පත්වේ.

එසේම කාන්තාවන් සහ පිරිමින් අතර තිබෙන තවත් ජීව විද්‍යාත්මක ව කැපී පෙනෙන වෙනස්කමක් වන්නේ කාන්තාවක් තීරණ ගැනීමේදී මොළයේ දෙපසම, එනම් වම් පස හා දකුණු පස යන දෙකම භාවිතයට ගැනීමයි. ඒ අනුව වඩාත් නම්‍යශීලී ලෙස සිතීමට හැකියාව තිබෙන්නේ කාන්තාවන්ට ය. ආර්තව චක්‍රෙය් බලපෑම නිසා ඇගේ සන්නිවේදන හැකියාව සහ සංවේදී බව ඉහළ යන නිසා, පරිණාමිකව කාන්තාවට ආර්තවය හේතුවෙන් වැඩි වාසි සහගත තත්වයක් ලැබී ඇතැයි ද තර්ක කිරීමට හැකි ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි