×

මුම්බායි ප්‍රහාරයේ සැකකරු සිය රටට ලබා දෙන ලෙස ඉන්දියාව පකිස්ථානයෙන් ඉල්ලයි

2002 වසරේදී, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් සයීඩ් වසර 31කට සිරගත කරන ලදී.


පුද්ගලයන් 166 දෙනෙකුට මරු කැඳවූ 2008 මුම්බායි ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු වන දැනට පකිස්තාන් භාරයේ සිටින හෆීස් සයීඩ් ඉන්දියාවේ නඩු විභාගය සඳහා භාර දෙන ලෙස ඉන්දියාව නිල වශයෙන් පකිස්ථානයෙන් ඉල්ලා ඇති බව නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

2008 වසරේ ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයට එල්ල වූ ප්‍රහාරවලට හෆීස් සයීඩ් සම්බන්ධ බවට ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් ඔහුට චෝදනා කරන ලද අතර 2008 මුම්බායි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ පාකිස්තාන ජාතික මොහොමඩ් අජ්මාල් කසාබ් 2012 දී ඉන්දියාව විසින් එල්ලා මරා දමන ලදී. ඒ අනුව, මෙම නඩුවේ නඩු විභාගයට මුහුණ දීම සඳහා සයීඩ් භාර දෙන ලෙස ඉන්දියාව දිගු කලක් තිස්සේ තම අසල්වැසියාගෙන් ඉල්ලා සිටියි.

හෆීස් සයීඩ් ලෂ්කාර්-ඊ-තයිබා (එල්ඊටී) සන්නද්ධ කණ්ඩායම හා ජමාත්-උද්-දාවා යන කණ්ඩායම් වල සම-ආරම්භක පුද්ගලයා වන අතර සයීඩ්ගේ ජමාත්-උද්-දාවා කණ්ඩායම ද පාකිස්තාන රජය විසින් තහනම් කර ඇති අතර සන්නද්ධ කණ්ඩායම්වලට අරමුදල් සපයන බවට චෝදනා මත පකිස්ථාන බලධාරීන් ඔහු විවිධ කාල පරිච්ඡේදවල නිවාස අඩස්සියේ තබා ඇත.

අනතුරුව 2002 වසරේදී, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණයක් විසින් සයීඩ් වසර 31කට සිරගත කරන ලදී.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි